ජනරජ පෙරහර වීථි සංචාරය කරයි ශ්‍රී ලංකා නිදහස ලබා වසර 75 පිරිම නිමිත්තෙන් ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව මගින් සංවිධානය කළ ජනරජ පෙරහෙර් ජනරජ ලාංඡනය කැලණිය රජමහා විහාරයේ කණ්ඩුල හස්තියා වැඩම කළහ. 19 February 2023
කැලණි සරසවිය අසල නොසන්සුන් කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගෙන සිටින සිසුන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාල සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය. 19 February 2023
අඟුලානේ පුංචි යුද්ධයක් කඩු පොලු අතැතිව කඩා වැදුණු සිව්දෙනකුගෙන් යුත් කල්ලියක් සිදුකළ පහරදීමකින් පුද්ගලයකු ඝාතනයට ලක්වී තවත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි අඟුලාන පොලිසිය කියයි. 19 February 2023
පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයට නිසි බලධරයෙක් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක් පත් කිරීමටත්,එම විශ්වවිද්‍යාලය “ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයක්” බවට පත්කිරීමටත් කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 February 2023
මහ පාරේ නිදියන බව සජිත් කියයි ජනතාව ඉල්ලා සිටින මැතිවරණය ලබා නොදුන්නොත් මහපාරේ ප්රජාතන්ත්රවාදී සාමකාමී අරගලයක් සිදු කර මැතිවරණය කෙසේ හෝ ලබා ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 19 February 2023
ජල බිලටත් තට්ටුවන හැඩ විදුලිය ගාස්තු වැඩි කිරීමට සාපේක්ෂව ජල ගාස්තුද ඉදිරියේදී අනිවාර්යෙන්ම වැඩි කිරීමට සිදුවනු ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 19 February 2023
මව් පිය වලියෙන් පසු දරු දෙදෙනාගේ සිරුරු කැලෙන් හමු වේ රත්නපුර කරපිංච ශාන්ත ජෝකිම් වත්තේ ලැයිම් කාමර අංක හතර අසල ඇති ළිඳක් ආසන්නයේ කැලෑ රොදක තිබී අවුරුදු හතක් සහ අවුරුදු එක හමාරක් වයසැති දරු දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් හමුවු බව කුරුවිට පොලිසිය පවසයි. 19 February 2023
රජයේ ලොක්කන්ට රට ගමන්වලදී සුපිරි සැප කපයි ජනාධිපති ලේකම් ,අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් නිල විදේශ සංචාර වල නිරත වීමේදී ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. 19 February 2023
රට යන අත ගැන ජනතාව කලකිරිලා වෙරිටේ රිසර්ච් ආයතනයේ ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ පෙබරිවාරි මස ප්‍රතිපල අනුව රටේ කටයුතු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජනතා තෘප්තිය තව දුරටත් පහත බැස තිබේ. 19 February 2023
තිරණාත්මක පෙත්සමක් හෙට කැඳවයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා ගොනු කළ රිට් පෙත්සම හෙට(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය. 19 February 2023
රජය ණයවීම නතර වී නෑ ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයිප්‍රකාශයට පත්කර තිබියදී රජය පසුගිය මාස එක හමාරක කාලය ඇතුළත( ජනවාරි සිට පෙබරවාරි 15 දක්වා) රුපියල් කෝටි එක්ලක්ෂ තුන් දහස් තුන්සිය හැත්තෑ හතක( බිලියන1033) ණය මුදලක් භාණ්ඩාගාර බිල්පත් සහ තිළිණපත් මගින් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 19 February 2023
ෆොන් හොරෙක් රාගමින් අල්ලයි රාගම දුම්රිය ස්ථානයේ දුම්රිය මගීන්ගේ ජංගම දුරකතන සොරකම් කළ සැකකරුවකු රාගම පොලිස් ස්ථානය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත. 19 February 2023
පුත්තලමෙත් පන්දම් විරෝධයක් වැඩිවු විදුලි බිල හා ජීවන වියදම දරා ගත නොහැකි ලෙස ඉහල යාමට විරෝධය මතු කරමින් පුත්තලම නගරයෙ පන්දම් විරෝධයක් පැවැත්විණි. 19 February 2023
අඩු වියදම් මැතිවරණ ක්‍රමයක් ගැන හොයන්න කමිටුවක් මැතිවරණයකදී අපේක්ෂකයකුට වැඩි මුදලක් වැය කිරීමට සිදු නොවන නව මැතිවරණ ක්‍රමයක් සකසා ගන්නේ කෙසේ දැයි සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 February 2023
දඩ කොලයෙන් බේරන්න බනිසයි ප්ලේන්ටියයි ඉල්ලලා රථවාහන වරදකට අල්ලාගත් තීරෝද රථ රියදුරකුට දඩ කොළයක් ලියා නොදීමට අල්ලස් වශයෙන් බනිස් ගෙඩි දෙකක් සහ ප්ලේන්ටි දෙකක් ඉල්ලා ලබා ගැනීමට උත්සාහ දරු අවස්ථාවේදී ත්‍රීරෝද රියේ නීතිඥවරියක සිටීමෙන් කලබලයට පත්වූ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඒ ආහාර පවා ගැනීම ප්‍රතික්ෂේප කර ත්‍රිරෝද රියද වහාම මුදා හැර ඒ ස්ථානයෙන් පිටව යෑමේ සිද්ධියක් මරදාන ප්‍රදේශයෙන් වාර්තා වේ. 19 February 2023
ඉන්දුනීසියානු යුධ නෞකාවක් එයි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (19) පෙරවරුවේ සේන්දු විය 19 February 2023
දරු කුස පුරවන්න කොස් කඩන්න ගිය තිදරු මව ගසෙන් වැටී මරුට දරුවන්ගේ කුස ගිණි නිවීමට ගෙවත්තේ කොස් ගසකින් ගෙඩියක් කැඩීමට උත්සාහ කළ සිව් දරු මවක් ගසින් වැටී මියගොස් ඇති බව ගම්පොල පොලිසිය කියයි. 19 February 2023
තෙල් බවුසර අඩි 60 ප්‍රපාතයේ හක්ගල ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයක් අඩි 60 ක ප්‍රපාතයකට පෙරළීමෙන් බවුසර් රථයේ රියදුරුට සහ රිය සහයකට බරපතල තුවාල සිදුවී ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි. 19 February 2023
ලොව ලොකුම තේ පෝච්චිය ලංකාවෙන් සෞදි අරාබියාවේ වෙළඳපොළට ශ්‍රී ලංකා තේ සපයනු ලබන ප්‍රධානතම තේ සැපයුම්කරුවකු වන කදීර් තේ ආනයන සමාගම ලොව විශාලතම තේ පෝච්චියට හිමි ගිනස් වාර්තාව හිමිකර ගෙන ඇත. 19 February 2023
පළාත් කීපයකට පොඩ්ඩ පොඩ්ඩ වැස්ස දිවයිනේ බොහෝ පදේශවලට අද (19) දිනයේදී වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 19 February 2023
චක්‍රලේඛයක් අමාත්‍යංශවල වැඩට බාධා කරයි පසුව මුදල් ලබා දීමේ ක්‍රමය යටතේ රජයේ සියලු ආයතනවල මුද්‍රණ කටයුතු සිදුකරන නමුත් පසුගියදා නිකුත් කරන ලද චක්‍රලේඛයක් නිසා රාජ්‍ය ආයතනවල මුද්‍රණ කටයුතු කිරීම ගැටලුවක් වී ඇති බව දේශපාලන අංශ පෙන්වා දෙයි. 19 February 2023
මැතිවරණ කොමිසම වැඩ නවත්වයි තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කිරීමත් සමග ඉදිරි පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට සහ සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරීන්ට ලිපියක් යොමු කරමින් උපදෙස් මාලාවක් ලබා දී ඇත. 19 February 2023
භූමි කම්පාවෙන් තුර්කි ගම්මානයක් දෙකඩ වෙලා තුර්කියට බලපෑ ප`බල භූමි කම්පාවලින් දකුණු දෙසින් පිහිටි ගම්මානයක් දෙකඩ වී ඇතැයි වාර්තා වේ. භූමි කම්පාවෙන් සිදුවුණු ඉරිතැලීම්වලින් ගම්මානය මැද ආවාටයක් නිර්මාණය වී ඇතැයි ද පැවැසෙයි. 19 February 2023
රුසියාව මානව හිමිකම් කඩනවා යුක්රේනයට එරෙහි හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ රුසියාව, මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් චෝදනා කරයි. 19 February 2023
විදුලි බිලට එරෙහිව තංගල්ලේ විරෝදයක් විදුලි බිල ඉහළ දැමිමට විරෝධය දක්වමින් ජාතික ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (18) පස්වරුවේ තංගල්ල නගරයේදී පැවැත්විණි. 18 February 2023
ජපන් තව සමාගමක් අකුලාන යයි මෙරට ආර්ථික වාතාවරණය වෙනස් වීමත් සමඟ මිට්සුබිෂි සමාගම තම ශ්‍රී ලංකාවේ කාර්යාලය වසා දැමීමට තීරණය කළා මෙන් ජපාන තායිසෙයි සමාගමද තම ගිවිසුම් අවලංගු කිරීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ. 18 February 2023
ත්‍රිරෝද රිය ප්‍රපාතයට පෙරළේ දෙකක් මරුට, දෙකක් රෝහලට රත්නපුර , දෙනියාය ප්‍රධාන මාරග්යේ හේයස් වතුයාය ජුලංවැටිය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 18 February 2023
ජජබ ගම්පහ උද්ඝෝෂණයේදී... ’’ ඡන්දය නවත්වා ප්රජාතන්ත්රවාදය වැලැක්වීමේ ආණ්ඩුවේ බියගුලු උත්සාහය පරදවමු ’’ යන්න තේමා කරගනිමින් ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (18) සවස ගම්පහ දුම්රියස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. 18 February 2023
රජයට කෝටි 20,000 ක බදු පොල්ලක් විවිධ ආයතන හා පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ දක්වා රුපියල් කෝටි 20,000 කට ආසන්න බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ. 18 February 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026