වාහන 51ක ලියාපදිංචිය - පැවරීම නවතයි
විවිධ පුද්ගලයින්ට අයත් මොන්ටේරෝ,ලන්ඩ් කෲසර්, මිනිකූපර්,වැනි අධි සුඛෝපභෝගී වාහන පනස් එකක ලියාපදිංචිය වෙනස් කිරීම හෝ පැවරීම වළකාලමින් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට තහනම් නියෝගයක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා අද (05) නිකුත් කළේය.