(ගයාන් සූරිය ආරච්චි)
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසීය.
ඒ අනුව රත්මලාන, හිඟුරක්ගොඩ, පලාලි, වීරවිල, අම්පාර, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු හෙලිකොප්ටර් යානා මෙසේ සූදානම් කර ඇති බව ගීගනගේ මහතා කීය.
එමෙන්ම ආපදාවට ලක්වූවන් මුදවා ගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලද ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකා බට පිරිස් සූදානම් කර ඇති බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එමෙන්ම ගුවන් හමුදා නිරීක්‍ෂණ යානා මගින් ආපදා තත්ත්ව පිළිබඳව නිරතුරුවම නිරීක්ෂණවල යෙදෙන බවද එරන්ද ගීගනගේ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් අගය කලයුතු වැඩක්
හිටපු ජනපති හිටියා නම් හෙලිකොප්ටර් 6න්, 3ක් නෑ, පෞද්ගලික පාවිච්චියට අරන්.