රාජ්‍ය සේවක වැටුප් 10 ට පෙර අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය මහතා පවසයි. 07 April 2024
හෙද සොහොයුරිය සිමෙන්ති ලොරියට බිලි රැකියාව නිමවා සිය සැමියා සමග යතුරුපැදියෙන් නිවස කරා යමින් සිටි කළුබෝවිල ශීක්ෂණ රෝහලේ හෙද සොයුරියක් සිමෙන්ති පැටවූ ලොරියකට යටවීමෙන් මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 07 April 2024
මන්ත්‍රී තුනක් ඇමැති බංගලාවල බින්න බැහැලා ඇමති නිල නිවාසවල නීති විරෝධීව රැඳී සිටින මන්ත්‍රීවරුන් තිදෙනකු ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. 07 April 2024
කාත්තන්කුඩියේ හොර කච්චේරියක් වටලයි කාත්තන්කුඩි නොචිචිමුනේ,මඩකලපුව ප්‍රදේශයේ නිවසක රහසේ පවත්වාගෙන ගිය කූඨ ලේඛනාගාරයක් වටලා එහි සිටි පුද්ගලයක් අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂකාර්ය බලකාය කියයි. 07 April 2024
අදත් ස්ථාන කීපයකට සවස තද වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 April 2024
ලිබර්ටි ප්‍රතිමාව දෙදරයි ඇමෙරිකාවේ නිව්යෝක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි නගර රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූ කම්පනයකින් දෙදරා ගියේය. 07 April 2024
ලොව ළාබාලතම බිලියනපතිනිය 2024 ලෝකයේ බිලියනපතියන්ලේ ලැයිස්තුව ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සඟරාව විසින් එළිදක්වා ඇත. එම ලැයිස්තුවේ, ළාබාලතම බිලියනපතියන් අතරේ සිටින 19 හැවිදිරි පාසල් සිසුවියක ද වන ලිවියා වොයිට් ලොව ළාබාලතම බිලියනපතියා වෙයි. 07 April 2024
මාවනැල්ලේදි පොලිස් වෙඩි පහරින් අයකු මිය යයි කඩුවක් ද රැගෙන මාවනැල්ල පදීදොර ගම්මානයේ වැසියන් බියට පත් කරමින් කාන්තාවක ඇපයට ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසියේ දෙදෙනකුට කඩුවකින් පහරදුන් පුද්ගලයකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිසිය කියයි 07 April 2024
බවුසරය පෙරළී භූමිතෙල් පාර දිගේ ගලා යයි මාතලේ - ලග්ගල, විල්ගමුව, එළවනාකන්ද ප්‍රදේශයේ දී අද ඉන්ධන බවුසරයක් පෙරළීමෙන් එහි තිබූ භූමිතෙල් මාර්ග දිගට ගලා ගිය බව විල්ගමු පොලිසිය කියයි. 06 April 2024
එංගලන්තයෙන් ලංකාවට ලොකු හයියක් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති වත්මන් ආර්ථික ප්‍රගතිය හේතුවෙන් එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය (Travel Advisory) 2024 අප්‍රේල් මස 05 වැනි දින සිට යාවත්කාලීන කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ. 06 April 2024
71පුරෝගාමී සමාජවාදී සංවිධානයෙන් අනුරට ලිපියක් යළිත් වතාවක් මේ රට තුළ තරුණ කැරැල්ලක් ඇතිකර ලේ වැගිරීමක් සිදු නොවන තැනට වගබලා ගනිමින් වගකීම් සහගත දේශපාලනයක නිරත වන ලෙස 71පුරෝගාමී සමාජවාදී සංවිධානය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත 06 April 2024
අඩම්තේට්ටම් වූ යූඑන්පී පාක්ෂිකයන්ට වන්දි දේශපාලන පළිගැනීම් වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ. 06 April 2024
ඉන්දු-ලංකා පාර ගැන ඉන්දීය අදහස් මේ සතියේ ජනපතිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදි කෙරුණු පසු ආනයන - අපනයන කටයුතු මෙන්ම සෙසු කටයුතු වලින් වැඩි වාසියක් ලැබෙන්නේ ශ්‍රී ලංකාවට බව රජය පවසයි. 06 April 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට දැඩි ආරක්ෂාවක් කොළඹ 10 ටී බී ජයාමාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට මරදාන පොලිසිය විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම ආරක්ෂාව යොදවා ඇත එහි තිබූ ලිපිගොනු වගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වැඩ බලන මහලේකම්වරයා මෙම පැමිණිල්ල කර තිබුණි 06 April 2024
ජාතික අලුත් සහල් මංගල්‍ය 57 වැනි වරටත් ජාතික අලුත් සහල් මංගල්‍ය 57 වැනි වරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී අද (06) දින පෙරවරුවේ පැවැත්විණි. 06 April 2024
බාල බෙහෙත් ගෙනත් කෝටි 15ක් වතුරේ ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 06 April 2024
දුප්පතුන් ලක්ෂ 57කට නැගලා ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. 06 April 2024
අගනුවර නගර සභාවේ සේවක හිඟයක් ප්‍රධාන අගනගරය වන ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පවතින දැඩි සේවක හිඟය නිසා එහි කටයුතුවලට බාධා පැමිණ ඇතැයි එහි ප්‍රකාශකයෙක් කීය. 06 April 2024
හරක් හොරුන්ට දැඩි දඬුවම් දෙන්න යයි හරකකු හොරකම් කරන පුද්ගලයකුට දැනට පවතින රුපියල් 10000 දඩ මුදල සංශෝධනය කරමින් රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කර, හරක් හොරුන් හිරේ දමමින් ඇප නොදෙන මට්ටමට පනත සංශෝධනය කිරිමට නව පනතක් ගෙන එන බව කෘෂිකර්ම හා වැවිල් කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 06 April 2024
සෞඛ්‍ය සේවක නිල ඇඳුම් දීමනා ඉහල නංවයි සෞඛ්‍ය අංශයේ හෙද හෙදියන් ඇතුළු කාර්ලය මණ්ලඩ සඳහා ගෙවනු ලබන නිල ඇඳුම් දීමනා ඉහල දමා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 06 April 2024
සවස් කාලයේ පළාත් කීපයකට තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 April 2024
ඩෙංගු රෝගීන් සහ මරණ ප්‍රතිශතය අඩු වෙයි වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය. 05 April 2024
යතුරු පැදි අනතුරකින් පසු බුලත්සිංහල උණුසුම් වේ බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ දි යතුරු පැදියක ගැටීමෙන් වයෝවෘද්ද පුද්ගලයකු මිය යාමෙන් පසු ඇති වූ උණුසුම්කාරි තත්තවය පාලනයට පොලිසිය දැඩි උත්සහායක් දැරීමට සිදු විය. 05 April 2024
නඩු භාණ්ඩ කාමරයෙන් බඩු ඉස්සූ පියන් මාට්ටු වැල්ලවාය අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ගංජා කිලෝ ග්‍රෑම් 171යි ග්‍රෑම් 285 ක් සහ නඩු බඩු වශයෙන් තිබූ ගිනි අවියක් සොරාගෙන ගියේ යැයි කියන එම අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙක් වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 05 April 2024
ශ්‍රීලනිපයේ ලිපිගොනු අතුරුදහන්: වැඩ බලන ලේකම්ගෙන් පැමිණිල්ලක් කොළඹ 10, ඩී. බී. ජයා පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ වැඳගත් ලිපිගොනු කීපයක් අතුරුදහන්ව ඇති බවට එම පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මරදාන පොලිසියට පැමිණිළි කර තිබේ. 05 April 2024
සබරගමුව සරසවියේ හිටපු උපකුලපති ඉන්ද්‍රලාල් දිවියට සමුදෙයි ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙක් ලෙස කටයුතු කළ ජේෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් කේ පෙරේරා මහතා අද (05) අභාවප්‍රාප්ත විය. 05 April 2024
සූර්වී හෝටලයට ගල් ගැසූ සී.අයි. මාට්ටු මොනරාගල, බුත්තල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සම්බන්ධයෙන් යුද හමුදා කරනල්වරයකු වන සිය සහෝදරයා සමග ඇතිව තිබූ බව කියන ආරවුලක් මත එම හෝටලයට බීමතින් පැමිණ ගල් ගසා හානි සිදු කළේ යැයි කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් බුත්තල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 05 April 2024
නිමල්ගේ ඉල්ලීමට දුෂ්මන්තගෙන් පිළිතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවන ලෙස ඉල්ලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙත ලිපියක් යවා තිබේ. 05 April 2024
බදුල්ලේ අසිරිය විදින්න කැලිප්සෝ දුම්රියක් විදේශීය සංචාරකයන් වෙනුවෙන් බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා විශේෂ කැලිප්සෝ සංචාරක දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයේදී ප්‍රවාහන හා මහමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ කැරිණ. 05 April 2024
පාස්කු විවාදය දින තුනක් පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (5) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 05 April 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025