වියළි කජු - ඉඟුරු තොගයක් කන්කසන්තුරෙන් අල්ලයි නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ වියළි කජු කිලෝග්‍රෑම් 50 ක් සහ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 205 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් සහ ත්‍රීරෝද රථයක් භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 08 April 2024
’’මෛත්‍රී පත්වීම් ලිපි අත්සන් කලේ පිට උඩ තියලා’’ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ සංවිධායක ධුර සඳහා සමහරුන් පත් කළේ පුද්ගලයින් ගැන හරි වැටහීමකින් හෝ දේශපාලන මණ්ඩලයක අනුමැතිය මත නොවෙි යැයි ද ඔහු සමහරුන්ට සංවිධායක ධුර දුන්නේ ඔවුන්ගේම පිට උඩ තබා පත්වීම් ලිපියට අත්සන ගසා බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 08 April 2024
ගම්පහ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට ගම්පහ කටුගස්තර දී නාඳුනන පුද්ගලයකු සිදුකළ වෙඩිතැබීමකින් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 08 April 2024
ඇඟළුම් බසය ප්‍රපාතයට හගුරන්කෙත සිට ලූල්කඳුර දක්වා ඇගලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් ලූල්කදුර විදුහල ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් බස් රථයේ ගමන්ගත් ඇගලුම් සේවිකාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇත. 08 April 2024
සිසුවකුට පහරදුන් ගුරුවරයා අත්අඩංගුවට වවුනියාව සුන්ධරපුරම් ප්‍රදේශයේ පාසලක දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට අමානුෂික අන්දමින් පහරදුන් බව කියන ගුරුවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත බව ඉච්චන්කුලම් පොලිසිය සදහන් කරයි. 08 April 2024
ඡන්ද දෙකම එකට තියන්න නීතියෙන් ඉඩක් නෑ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එකට පැවැත්වීමට හැකි නීතිමය පසුබිමක් රටේ නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පැවසීය. 08 April 2024
කල්පැන්න ලක්ෂ 50 ක ක්‍රීම් අතුරුගිරියෙන් අල්ලයි රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා කල්ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් අතුරුගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පැවසීය. 08 April 2024
අනුර - සජිත් විවාදය ගැන හරිනි අදහස් දක්වයි කතා පැවැත්වීම හැර විවාද කිරීමේ ඉතිහාසයක් සජිත් ප්‍රේමදාස මහතා සතු නොවන නිසා ඔහු විවාදයකට තල්ලු කිරීම පක්ෂය ඇතුලෙන්ම ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක්දැයි සැක සිතෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ත්‍රිකුණාමලයේදී පැවසුවාය. 08 April 2024
ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධීයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (8) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධී බවත් එම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් මාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය. 08 April 2024
උතුරු - නැගෙනහිර අවතැන් මධ්‍යස්ථාන වසා දමයි යුද සමයේ උතුරු හා නැගෙනහිර අවතැන්වූවන් රඳවා සිටින සියලුම සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 08 April 2024
කළුතර රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකයින්ට පහරදීලා කළුතර උතුර ගල්පාත රජයේ රෝහලට කඩා වැදුණු පුද්ගලයකු සෞඛ්‍ය කාර්ය සහයකයන් දෙදෙනකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුමකින් පහරදී තුවාල සිදු කර ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි. 08 April 2024
තේ පර්යේෂණායතනයට නව සභාපතිවරයෙක් ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා පත් කර තිබේ. 08 April 2024
රිය අනතුරින් සංගීත ශිල්පියා මරුට අනුරාධපුර පාදෙණිය ඒ 28 ප්‍රධාන මාර්ගයේ තලාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලාව පොලිසිය පවසයි. 08 April 2024
ආර්ථික කාරක සභාවේ සභාපති පත්වෙයි ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඒකමතිකව තේරී පත් විය. 08 April 2024
කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනතා අයිතියට කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහලින් ඉදිකරන ලද ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) ජනතා අයිතියට පත් කළේය. 08 April 2024
පොහොට්ටු ලොක්කෝ හෙට රැස්වෙති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (9) රැස්වීමට නියමිතය. 08 April 2024
ගස්බැඳ සිටි පුද්ගලයා මිය ගියැයි හිමිනමක්-ග්රාමාරක්ෂක අත්අඩංගුවට මහනුවර ගැටඹේ දිය කපනාතොට පන්සලේදී පුද්ගලයකුට පහරදී ගස් බැඳ සිටියදී ඔහු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ නායක හිමිනම සහ ග්රාමාරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි . 08 April 2024
අන්තිම කැමැත්තට කමිටුවක් මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයකුගේ අවසන් කටයුතු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 April 2024
එජාපය රැක ගත් දෙලක්ෂ පනස්දාහට ස්තූතියි ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ඩී.බී. විජේතුංග ජනාධිපතිවරුන් සමඟ පක්ෂය ආරක්ෂා කරමින් එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට පත්ව රටේ නායකත්වය කරා තමා පැමිණියේ එජාප පරපුරක උරුමය සමඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 April 2024
ශ්‍රීලනීප වැඩ බලන සභාපති ලෙස ඇමැති නිමල් පත්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පත්කිරීමට එහි දේශපාලන මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර කටයුතු කළේය. 08 April 2024
ජනාධිපති ශිෂ්‍යත්ව දීමනා මැයි මාසයේ සිට 2022/2023 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් ආර්ථික අපහසුතා ඇති සිසු දරුවන් 6000ක් සඳහා උසස් පෙළ හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දීමට අදාල කටයුතු අවසන් අදියරේ පසුවන බවත්, ඒ අනුව 2024 මැයි මස සිට මාර්තු, අප්‍රේල් මාසවල හිඟ වාරික ද සහිතව එම ගෙවීම් සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති බවත් ජනාධිපති අරමුදල දැනුම් දෙයි. 08 April 2024
පොහොට්ටු පුංචි මන්ත්‍රීවරුන්ගේ සහාය රනිල්ට ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදය තීරණය කර ඇත. 08 April 2024
නීති විරෝධිව ගෙන ආ භාණ්ඩ ගුවන්තොටේ හිරවෙයි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමග ඒවා මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අද(08) අත් අඩංගුවට ගෙන තිබේ . 08 April 2024
දෙලක්ෂ පනස් අටදහසකට දරුවන් එපා වෙලා පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පසුගිය වසර දහයේදී හතළිස් දහසකින් පමණ පහත බැස ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 08 April 2024
යක්ෂ ධූමකේතුව අද සිට පායයි යක්ෂ ධූම කේතුව ලෙස අන්වර්ථ නමකින් හැඳින්වෙන වල්ගා තරුවක් අද (8) සිට ලංකාවාසීන්ට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ හා ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා පවසයි. 08 April 2024
ලංකා තේ නම රැකගන්න ගිවිසුමක් ශ්‍රී ලංකාවේ තේ වලට ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින තැන ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා මෙරට ප්රමුඛ පුද්ගලික ආයතනයක් වන යුනිලිවර් සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිණි. 08 April 2024
ආහාර විස වී 100ක් රෝහලේ නල්ලතන්නිය ලක්ෂපාන තේවතුයායේ කෝවිලක වාර්ෂික තේරු උත්සවයට පැමිණි හින්දු බැතිමතුන්ට ලබා දුන් දන්සලේ ආහාර විස වි 100 කට ආසන්න පිරිසක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි. 08 April 2024
කොටි සැඟවූ මෝටාර් අවියක් හමුවෙයි යුද සමයේ කොටි ත්රස්තවාදීන් සගවා තබන්නට ඇතැයි විස්වාස කළහැකි මිලි මීටර් 81 වර්ගයේ මෝටාර් අවියක් පෙරියතට්ටමුරු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් සොයා ගනු ලැබීය. 08 April 2024
ලොරි යතුරුපැදි ගැටීමෙන් තරුණයෙක් මරුට වවුනියාව සෙට්ටිකුලමේදී යතුරු පැදියක් සහ කුඩා ලොරියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇතැයි සෙට්ටිකුලම පොලිසිය සදහන් කරයි. 08 April 2024
අදත් සවස තැනි තැනට තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් අද ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 April 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025