
(යොහාන් භාසුර)
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
"නිරෝගීමත් දේශයක් සඳහා නිරෝගීමත් ශ්‍රම බලකායක්" යන තේමාව යටතේ රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම බෝ නොවන රෝග පෙර හදුනා ගැනීමේ සෞඛ්‍ය වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධානශාලාවේදී මෙම වැඩසටහන අද (28) දවස පුරා පැවැත්විණ.
වකුගඩු රුධිර පරීක්ෂාව, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, කොලෙස්ටරෝල් පරීක්ෂාව, දන්ත පරික්ෂාව, ගැබ්ගෙල පිළිකා පරික්ෂාව ඇතුළු බටහිර සහ දේශීය වෛද්‍ය පරික්ෂණ රැසක් මෙහිදී කරගැනීමට අවස්ථාව සලසා දී තිබිණ.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම්වරුන් වන හර්ෂ විජේවර්ධන, මහින්ද ගුණරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ගොඩක් මහන්සි වෙලා හදාගත්තු ආණ්ඩුව බටහිර වෙද්දුන්ගේ උප්පරවැට්ටි වලට අහුවෙලා විනාශ වෙනවාට ඉඩ දෙන්න බෑ. ගෝඨාභය ගෙදර ඇරියේත් ඔය බටහිර වෛද්‍ය මාෆියාව ගෙනාපු කොරෝනා බොරුව .. දෙවරක් හිතන්න...!