IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ

(චන්ද්‍රසේන ගමගේ)

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.

වැව් බැම්ම කැඩී යාම නිසා වැව් බැම්ම මතින් ගමන් කළ සිය ගණනකට යන එන මං ඇහිරී ඇතැයි එහි වැසියෝ පවසති.

දිගු කාලයක් තිස්සේ අවධානමට ලක්ව තිබූ වැවේ පිටවාන පිළිසකර දෙන ලෙසට බලධාරීන්ට කෙතෙක් කීවද එය ඉටු නොවීම නිසා මෙම පිටවාන කැඩී ගිය බවත් වැවේ තිබූ විශාල ජලප්‍රමාණයක් බැස ගිය බවත් ගම් වැසියෝ කියති.

මෙම වැවෙන් ගොඩ මඩ දෙකේ අක්කර දෙසීයකට පමණ දියවර සැපයූ බවද ඉදිරියේදි තම ගොවිතැන්වලට ජලය ලබා ගැනීමේදී තමන් දැඩි ගැටළුවකට මුහුණ දෙන බවද ගම් වැසියෝ කියති.



අදහස් (1)

හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ

පිටරටවැසියා Thursday, 28 November 2024 03:30 PM

ප්‍රදේශය හම්බන්තොට. මෑත ඉතිහාසයෙත් රජවරුන් සහ කුමාරවරුන් බිහිවෙච්ච ප්‍රදේශයක්. රජකමට තරඟ වැදුණු පුතාණෝ කෙනෙකත් හිටපු ප්‍රදේශයක්. ඔක්කොම රට හදන්න දැඟලුවා මිසක්, තමන් නියෝජනය කරන සහ කරන ලද ප්‍රදේශයේ වැවේ පිටවාන හදන්න ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. රජයේ නිලධාරීන් මේ ඔක්කොමටම එහා, මොකද ඔවුන්ගෙන් අති බහුතරයක්ම දේශපාලන හිතවත්කමට පත්වීම් ලබපු අය...දැන් ඉතිං ප්‍රදේශයේ වැසියන්ට සහ ගොවියන්ට අබ සරණ තමයි.

:       1       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site