
(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
වැව් බැම්ම කැඩී යාම නිසා වැව් බැම්ම මතින් ගමන් කළ සිය ගණනකට යන එන මං ඇහිරී ඇතැයි එහි වැසියෝ පවසති.
දිගු කාලයක් තිස්සේ අවධානමට ලක්ව තිබූ වැවේ පිටවාන පිළිසකර දෙන ලෙසට බලධාරීන්ට කෙතෙක් කීවද එය ඉටු නොවීම නිසා මෙම පිටවාන කැඩී ගිය බවත් වැවේ තිබූ විශාල ජලප්‍රමාණයක් බැස ගිය බවත් ගම් වැසියෝ කියති.
මෙම වැවෙන් ගොඩ මඩ දෙකේ අක්කර දෙසීයකට පමණ දියවර සැපයූ බවද ඉදිරියේදි තම ගොවිතැන්වලට ජලය ලබා ගැනීමේදී තමන් දැඩි ගැටළුවකට මුහුණ දෙන බවද ගම් වැසියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදේශය හම්බන්තොට. මෑත ඉතිහාසයෙත් රජවරුන් සහ කුමාරවරුන් බිහිවෙච්ච ප්‍රදේශයක්. රජකමට තරඟ වැදුණු පුතාණෝ කෙනෙකත් හිටපු ප්‍රදේශයක්. ඔක්කොම රට හදන්න දැඟලුවා මිසක්, තමන් නියෝජනය කරන සහ කරන ලද ප්‍රදේශයේ වැවේ පිටවාන හදන්න ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. රජයේ නිලධාරීන් මේ ඔක්කොමටම එහා, මොකද ඔවුන්ගෙන් අති බහුතරයක්ම දේශපාලන හිතවත්කමට පත්වීම් ලබපු අය...දැන් ඉතිං ප්‍රදේශයේ වැසියන්ට සහ ගොවියන්ට අබ සරණ තමයි.