ගෙවීමේ පදනමට වෛද්‍ය ශිෂ්‍යයන් ගන්න කැබිනට් අනුමැතියක් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයන් ඇතුලත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 April 2024
වන නිලධාරීන්ට පහරදුන් අයෙක් අත්අඩංගුවට අම්පාර වන අඩවි බලප්‍රදේශයට අයත් උහන ආදල්ඔය ගම්මානයේ නීති විරෝධී මස් ජාවාරමක් වැටලීමට ගිය අම්පාර වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන්ට පහරදී තුවාල සිදුකළ 09 April 2024
ආහාර ද්‍රව්‍ය සඳහා ප්‍රකාශිත මිලක් තෝරා ගත් ආහාර ද්‍රව්‍ය කීපයක් සඳහා ප්‍රකාශිත මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේ සැලකිල්ල යොමුව තිබේ. 09 April 2024
ඡන්ද ඇපය වැඩි කරයි මැතිවරණ සඳහා වන ඇප මුදල් තැන්පත් ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 April 2024
ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට විශ්‍රාමික ජීවනාධාරයක් ටවර් හෝල් රඟහල පදනම ක්‍රියාත්මක කරන විශ්‍රාමික කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන යටතේ කලාකරුවන්ට අලුත් අවුරුදු තිළිණ ප්රදානය කිරීම අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 09 April 2024
අ‘පුර ස්ථාන දෙකක මළ සිරුරු දෙකක් මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු දෙකක් ප්‍රදේශයේ ස්ථාන දෙකකදී සොයාගත් බව අනුරාධපුර හා හිදෝගම පොලිසිය කියයි. 09 April 2024
ජන ක්‍රීඩා දෙකක නම් වෙනස් කරයි මෙවර අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජයේ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය. 09 April 2024
මෛත්‍රීපාල තායිලන්තයේ සංචාරයක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (09) පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 09 April 2024
රිය අනතුරින් තරුණයෙක් මරුට නොරෝච්චෝල නගරයේදී සිදුවු අනතුරකින් විදුලි කාර්මික ශීල්පි තරුණයකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි. 09 April 2024
ශ්‍රීලනිපයේ තීරණ මැකෝට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් තීන්දු සම්බන්ධයෙන් ලබන 18 වැනිදා රැස්වී තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 09 April 2024
රියදුරු දස්කමින් ජිවිත 9ක් බේරෙයි නාවලපිටිය දොලොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගය අසල පිහිටි කන්දක ගැටිමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙකු , මගින් පස්දෙනෙකු සහ බස් රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. 09 April 2024
ඉස්ලාම් දේවස්ථාන වල ආරක්ෂාව තර කරයි රාමසාන් උත්සව දිනය වෙනුවෙන් හෙට (11) ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයේ 7350 කට අධික නිලධාරින් පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය පවසයි. 09 April 2024
ජන්ද නාමලේඛන සැකසීම අරඹයි මෙම2024වර්ෂය සඳහා ජන්ද හිමි නාමලේඛන සැකසීම අද( 09 )සිට මැයි දහවෙනිදා දක්වා සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පැවසීය. 09 April 2024
අයි.එම්.එෆ් ගිවිසුම නීතියක් වෙයි රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 April 2024
බස්නාහිරට, සබරගමුවට සහ වයඹට අදත් වැසි බස්නාහිර. සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 April 2024
‘‘මට මගේ අම්මා හොයා දෙන්න‘‘ වසර 14 ක් තිස්සේ තම වැදූ මව සොයන ජර්මනියේ වෙසෙන ශ්‍රී ලංකික තරුණියක් නැවත වරක් තම මව සෙවීම සදහා ඉකුත් දා ලංකාවට පැමිණියාය. 09 April 2024
‘‘පිළිකා රෝගීන්ට දුන් බෙහෙත් අල්ලන්නවත් හොඳ නෑ‘‘ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිගා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකටවත් ළං කිරීමට සුදුසු තත්වයේ නැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වාර්තා කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මින් ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අ 09 April 2024
ප්‍රාණඇපයේ සිටි ඊශ්‍රායල වැසියෝ 34 ක් මරුට ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 130 දෙනාගෙන් 34 දෙනකු මියගොස් ඇති බවත්, එසේ මියගිය 34 දෙනාගෙන් 12 දෙනකුගේ සිරුරු හමුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. 09 April 2024
සූර්ය ග්‍රහණය මිලියන ගණනක් නරඹලා ඇමෙරිකාවේ ජනපද 15 කට, අසල්වැසි මෙක්සිකෝවට සහ කැනඩාවට ඊයේ (8) පූර්ණ සූර්ය ග්‍රහණය දකින්න ලැබුණු බවත් ඇමෙරිකන් මහද්වීපයේ මිලියන ගණනක් එය නැරැඹූ බවත් විදෙස් මාධ්‍ය පවසයි. 09 April 2024
ලාංකිකයන් 4ක් නේපාලයට ගෙන්වා හෝටලයක හිර කරලා විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ශ්‍රී ලාංකික ජාතිකයන් සිවු දෙනකු නේපාලයට ගෙන්වා ගෙන ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයන් සිවු දෙනකු අත් අඩංගුවට ගත් බවත් ඔවුන් ප්‍රාණ ඇපයට ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් සිවු දෙනාද ආරක්ෂිතව මුදාගත් බවත් නේපාල පොලිසිය පවසයි. 08 April 2024
ණය නොගෙවන්න ලංකාවට 2028 තෙක් ඉඩ ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය ආපසු ගෙවීම 2028 වසර තෙක් අත් හිටුවීමට නිල ණය හිමියන් කණ්ඩායම සමග කළ සාකච්ඡා අවසාන අදියරේ තිබෙන බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කළේය. 08 April 2024
නව විදුලිබල පනතට කැබිනට් අනුමැතිය නව විදුලිබල පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද (8) පස්වරුවේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 08 April 2024
මියන්මාරයේ සිටින ශ්‍රී ලංකිකයන් බේරා ගැනීම අවිනිශ්චිතයි මියන්මාරයේ මියවඩි ප්‍රදේශයේ පරිගණක අපරාධ බහුලව සිදුවන වහල් කඳවුරු වල සිරවී සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයන් 48 දෙනා මුදා ගැනීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි එරට මිලිටරි ජුන්ටාව ප්‍රකාශ කර තිබෙන බව තානාපති ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 08 April 2024
පාර්ලිමේන්තුවේ 57කගෙම 60 පැනලා තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 08 April 2024
මත් ජාවාරමක් මෙහෙයවු යුවළ කෝටියක බඩු සමඟ මාට්ටු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙවන සැකකාර යුවළක් හා එයට සම්බන්ධ සැකකරුවන් 12 ක් සමග නවීන පන්නයේ මෝටර් රථයක් හා යතුරුපැදී අටක් ලක්ෂ 10 ක හෙරෝයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය කියයි. 08 April 2024
විද්‍යාපීඨවලට අයදුම්පත් බාර ගැනීමේ කාලය දීර්ඝ කරයි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවාගැනීම සඳහා අයදුම්පත් බාර ගැනීමේ දිනය මෙි මස 10 වැනිදා දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 08 April 2024
උත්සව කාලයේ රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් රාමසාන් උත්සවය සහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් සියලුම බන්ධනාගාරවල ලබන 11, 12 සහ 13 යන දිනවල ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 08 April 2024
චන්ද්‍රිකා ශ්‍රීලනිප සාමාජිකයෙක් නොවෙයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් නොවන බවත් එතුමිය පසුගිය කාලයේ නව ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂයේ වැඩකටයුතු කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් නීතිඥ සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා අද (8) පස්වරුවේ පැවසීය. 08 April 2024
ටවර් ක්‍රේන් බක්කියක් කඩා වැටෙයි කොල්ලුපිටිය ඇලෝ ඇවිනිව් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ටවර් ක්‍රේන් යන්ත්‍රයේ බක්කිය කඩා වැටීමෙන් දේපළ රැසකට හානි සිදුවී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි 08 April 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025