IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට

(මනෝප්‍රිය ගුණසේකර)

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වරදකරුවන් වු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණීය දණ්ඩනය අද (29) නියම කළේය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලිෂාන් රත්නායක මහතා විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් විත්තිකරුවන් හය දෙනාට මරණීය දණ්ඩනය නියම කළ විනිසුරුවරයා ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවක වැලිකඩ බන්ධනාගරය තුළදී විත්තිකරුවන්ගේ ප්‍රාණයන් නිරුද්ද වනතුරු ඔවුන්ගේ බෙල්ලෙන් එල්ලා තැබීමටද නියම කළේය.

මීට වසර 08කට පෙර කළ ඝාතනයක් සම්බන්ධයෙන් වු චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස මරණ දණ්ඩනය නියම වුයේ වරුණ සම්පත්, නැපෝලියන් පීටර් කෲස්, සුන්දරරාජා ප්‍රදීප් කුමාර්, සුන්දරරාජා ගනේෂ් කුමාර්, සුන්දරරාජා ශාන්ත කුමාර් හෙවත් සුජීව සහ සුරාජ් මධුශංක නමැත්තන්ටය.

2016 ජූලි 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නාරාහේන්පිට උද්‍යාන පාරේදී නීතී විරෝධී රැස්වීමක සාමාජිකයින් වශයෙන් කටයුතු කරමින් පොලු වලින් හා සවලකින් පහරදී මංජුල මහේෂ් ජයතිලක නමැත්තාගේ මරණය කොට තවත් හත්දෙනෙකුට තුවාල කළ බවට මෙම විත්තිකරුවන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි.

නාරාහේන්පිට උද්‍යාන පාර ප්‍රදේශයේ පැවැති අවමංගල්‍ය නිවසකදී මියගිය පුද්ගලයාගේ පිරිස හා විත්තිකරුවන්ගේ පිරිස අතර ඇතිවූ ගැටුමක් දුරදිග යෑමෙන් මංජුල මහේෂ් ජයතිලක නමැත්තා ඝාතනය කර එම අවමංගල්‍ය නිවසේ සිටි කාන්තාවන් ඇතුළු තවත් හත්දෙනෙකුට පොලු, රීප්ප, කිතුල් පටි සහ සවලකින් පහරදී තුවාල කර ඇතැයි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළේය.

ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ලිෂාන් රත්නායක මහතා අධිකරණය අමතමින් විත්තිකරුවන් අවමංගල්‍යයක් අවස්ථාවේදී ජනරජයට එරෙහිව විශාල අපරාධයක් කර ඇතැයි පෙන්වා දුන්නේ.

එහෙයින් සමාජයටම පාඩමක් වන අන්දමට මෙම විත්තිකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියහ.

විත්තිකරුවන් අධිකරණය අමතමින් මෙම අපරාධයට තමන්ගේ සම්බන්ධයක් නොමැති හෙයින් තමන් නිදහස් කරන්නැයි ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලු විනිසුරුවරයා විත්තිකරුවන් හය දෙනාටම මරණීය දණ්ඩනය නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ලිෂාන් රත්නායක මහතා පෙනී සිටියේය.

 

 



අදහස් (1)

මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට

rana Saturday, 30 November 2024 04:12 AM

ඔය බදාගෙන වැළපෙන්න කලින් ඕකුන්ට මිනිස්සු වගේ ජීවත්වෙන්න කියලා දුන්නා නම් අද ඔහෙලා හැමදෙනාම සතුටින්...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site