ගව ලොරියට පොලිස් වෙඩි : ඡාවාරම්කරුවෙක්ටත් තුවාල අකුරැස්ස ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගල්ලල මංසන්ධිය අසලදී වෙඩි තබා නතර කළ ගවයින් රැගෙන යමින් සිටි ලොරි රථයේ පිටුපස සිටි අයෙක්ද වෙඩි වැදිමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව කනංකේ පොලීසිය කියයි. 11 April 2024
නුවරඑළියේ මන්ත්‍රී බංගලාවත් පිරෙයි නුවරඑළියේ මන්ත්‍රී බංගලාවේ සියලු කාමර මේ වනවිට වෙන් කරගෙන අවසන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 11 April 2024
මොන්ටිසෝරි අනිවාර්ය කෙරෙන නීතියක් සියලු දරුවන්ට පෙර පාසල අවුරුදු හතරේදී අනිවාර්ය කිරීමට කටයුතු කෙරෙන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා පැවසීය 11 April 2024
කාන්තා මළ සිරුරක් වෙළඳසලක ඌරගස්මන්හන්දිය, මීගස්පිටිය පාර අසල ස්ටිකර් වෙළඳසලක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් අද (11) උදේ සොයාගත් බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. 11 April 2024
නිවසක සිටි පුද්ගලයෙක්ට තියුණු ආයුධ ප්‍රහාරයක් ත්‍රී රෝද රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් පස් දෙනෙකු හෝමාගම පිටිපන ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකුට තියුණු ආයුධ වලින් පහරදී පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 11 April 2024
ලැඟුම්හළක සිටි කතක් මිය ගිහින් අවිස්සාවේල්ල මනමේන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක ලැගුම් ගැනීමට පැමිණි යුවලක සිටි කාන්තාව සැකකටයුතු ලෙස මිය ගොස් සිටියදී හමු වූ බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 11 April 2024
දවසේ කාලගුණය නැගෙනහිර සහ ඌවපළාත්වලත්හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 April 2024
කෝටි හයක් ඇදුණු පොල් කඩන්නාට තවත් ලක්ෂ 20ක් ඇදිලා රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාව ගෙන යන්නකුට පසුගිය සතියේ ද රුපියල් ලක්ෂ විස්සක ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී ඇතැයි ගම්පොළට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 11 April 2024
රට විකුණන්න කලින් දෙසැරයක් හිතන්න මේ රට කාගේවත් පෞද්ගලික බූදලයක්, පෞද්ගලික කොම්පැනියක් හෝ පවුලේ දේපළක් කියා විශ්වාසයෙන් කටයුතු නොකරන්නැයි අනතුරු අගවන බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා පැවැසීය. 10 April 2024
මන්ත්‍රීලා පවුල්වලටත් ඉන්ෂුවරන්ස් ඉල්ලති මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද රක්ෂණ රැකවරණය දෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 10 April 2024
ශ්‍රීලනිප අර්බුදය දිග් ගැස්සෙන හැඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙමින් තිබෙන අතර පක්ෂ මූලස්ථානය අත්පත් කර ගැනීමේ සටන අත් නොහරින බව දෙපාර්ශ්වයම සඳහන් කරයි. 10 April 2024
කොස්තාපල් ගිය කාරයේ තහනම් යතුරු පැදියක කෑලි මෙරට පැදීම තහනම් කර ඇති අධි ධාරිතාවකින් යුතු 1000 CC වර්ගයේ යතුරුපැදියක කොටස් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක් මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 10 April 2024
විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර සමඟි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 10 April 2024
ගුවන් හමුදාව දහඅටදාහට බස්සයි ගුවන් හමුදාවට අනුයුක්තව සේවය කරන 35,000 ක ගුවන් භට පිරිස 2030 වන විට 18,000 කට පමණ අඩුකිරීමට බලාපොරොත්තු වන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද (10) පැවැසීය. 10 April 2024
උපාධි ටිච ඊෂි කෑෂ් ක්‍රමයට කුඩු බෙදලා ඊෂිකෑෂ් ක්‍රමයට කලක් තිස්සේ ඉතා රහසිගතව කුඩු ජාවාරමේ නිරතව සිටි බව කියන උපාධිධාරී පාසල් ගුරුවරියක සහ ඇගේ මව හෙරොයින් ග්‍රෑම් හතකට ආසන්න ප්‍රමාණයක්ද සමග අද (10) අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. 10 April 2024
පොලිස් පහරින් සාජන් පුතාගේ ශරීරයේ කොටසක් ඉවත් කරලා මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනකු ඇතුළු නිලධාරීන් හය දෙනකු විසින් අත් පිටු පසට කර බැඳ දමා පහර දෙන ලදැයි කියන සිද්ධියකින් බරපතළ තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ ශරීරයේ කොටසක් ශල්‍යකර්මයකින් ඉවත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. 10 April 2024
15 රජයේ නිවාඩු දිනයක් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම මස 15 වැනිදා (සඳුදා) රජයේ නිවාඩු දිනයක් බවට පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අද (10) පස්වරුවේ නිවේදනය කළේය. 10 April 2024
හම්බන්තොට වරාය බහාලුම් ප්‍රතිනැව්ගතකිරීම අරඹයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මෙඩිටරේනියන් ෂිපින් සමාගම විසින් මෙහෙයවනු ලබන බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ සේවාව ආරම්භ කර ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා පවසයි. 10 April 2024
බේරේක් නැති වූ බසය ලොකු අනතුරක් කරයි බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක තාප්පයක සහ මාර්ගය අසල නවතා තබා තිබූ මෝටර්රථයක ,වෑන් රථයක ගැටීමෙන් බස්රථයේ ගමන් ගත් දෙදෙනකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි. 10 April 2024
ශ්‍රී ලංකා - ඉන්දීය සහෝදර බැඳීම කාටවත් සම කළ නොහැකි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන්නේ අද්විතීය සහෝදරත්ව බැඳීමක් එම බැඳීම කිසිම රටකට සමකළ නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කළේය. 10 April 2024
සමන් රත්නායකට අදත් ඇප නෑ ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ ඇප ඉල්ලීම ප්රතික්ෂෙප කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඔහු ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට අද (10) පත් කළාය. 10 April 2024
අවුරුදු නවයේ දරුවා දුම්රියට බිලි විනෝදයට පාපැදියක් පදිමින් සිටි 9 හැවිරිදි දරුවකු මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මිය ගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලිසිය කියයි. 10 April 2024
අවුරුද්දට ගමට යන්න කොළඹට මහ සෙනඟක් කොළඹ සහ අවට ප්‍රදේශවල පදිංචිව සිටින සහ රැකියාවල ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සිය ගම්බිම් බලා පිටටත්ව යෑමට මේ දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථානයට සහ කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත පැමිණීම සුලභ තත්වයකි. 10 April 2024
ආසියාවම බබලවා ඩිලන්ත දිවයිනට ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවැති යුරෝපියානු ජී.ටී. 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට සහභාගී වී දෙවැනි ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා අද 10 වැනිදා උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. 10 April 2024
ගුවන් හමුදාව ප්‍රදර්ශනයකට සැරසෙයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් සංදර්ශනය සහ තාක්ෂණික වෙළෙද ප්‍රදර්ශන ලබන මැයි මස 29 වැනිදා සිට ජූනි 2 දක්වා දින පහක් පෙරවරු 9.00 සිට රාත්‍රී 12 දක්වා ගාලු මුවදොර පෝට් සිටි නගරයේ පැවැත්වීමට නියමිතය. 10 April 2024
සීටීබී ලොක්කෙක් කරපු වැඩක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරියකු තමන්ගේ පෞද්ගලික වාහනය එම මණ්ඩලයට ලබාදී රුපියල් ලක්ෂ 11ක මාසික කුලියක් ලබාගෙන ඇතැයි ජාතක විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 10 April 2024
අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී අද(10) සිදු විය. 10 April 2024
ගුවන් තහනමක් ඇති මගීයෙක් යානයෙදී අත්අඩංගුවට අධිකරණය මගින් රටින් පිටවීම තහනම් කරමින් නියෝග ලබා දී තිබූ ශ්‍රී ලාංකිකයෙකු , සිය ගමන් බලපත්රයෙහි ජීව දත්ත පිටුවෙහි තොරතුරු වෙනස් කර , කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන මැලේසියාව වෙත පළා යාම සදහා ගුවන් යානයෙහි අසුන් ගෙන සිටියදී අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන තිබුණි . 10 April 2024
ජනතාව ’’හයිය’’ ආර්ථිකයක කොටස්කරුවන් කරනවා අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ජනතාව ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 April 2024
නාමල් පොහොට්ටුවේ හයිය පෙන්නන්න යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිම් මට්ටමින් ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාප්පක්ෂ මහතා පැවසීය. 10 April 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025