
(සුජිත් හේවාජුලිගේ )
හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාට රජයෙන් ලබා දී තිබූ නිල නිවස ඔහු මිය ගොස් මාස පහකට පසුව ඒ මහතාගේ දියණිය විසින් අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයට භාරදී ඇත.
එම නිල නිවස බාරදෙන ලෙස අමාත්‍යාංශයෙන් සිහිකැඳවීම් පහකට වැඩි සංඛ්‍යාවක් කර තිබූ බව පැවසේ.
සම්පන්දන් මහතාට කොළඹ 7 මළලසේකර මාවතේ පිහිටි මෙම නිල නිවාසය ලබා දී තිබුණේ 2015 වර්ෂයේදීය.
අනතුරුව යහපාලන රජය සමයේදී හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා 2019 පෙබරවාරි මස 26 වැනිදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව සම්පන්දන් මහතාට එම නිල නිවස ඔහු ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයා ලෙස සිටින තාක් පාවිච්චි කළ හැකි වන සේ කැබිනට් පත්‍රිකාවකින් ලබා දී තිබිණි.
විපක්ෂ නායක නිල නිවස පිහිටා ඇත්තේ අක්කර එකහමාරක පමණ භූමි භාගයකය. එහි සියලු නඩත්තු කටයුතු පසුගිය කාලය පුරා කරනු ලැබුවේද ආණ්ඩුව විසිනි.
එම නිල නිවස රජයට පසුගිය 12 වැනිදා බාරදෙන බවට සම්පන්දන් මහතාගේ දියණිය අමාත්‍යාංශයටලිඛිතව දැනුම් දී තිබුණද එය එදිනට භාරදී නොතිබිණ.ඒ අනුව ඒ සම්බන්ධයෙන් නැවත සිහිකැඳවීමක් කිරීමට අමාත්‍යාංශයට සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා බදුමුදලින් නඩත්තු කරන පොදු දේපළ කැබිනට් පත්‍රිකා හදලා දීපු එවුනුයි, ගත්ත එවුනුයි, මළාට පස්සේ පාවිච්චි කරපු එවුනුයි, දශක හතක සාපයේ කොටස් කරුවන්...
අක්කර එක හමාරක්. කොළඹ 07 න්. මෙම ඉඩමෙහි අමාත්‍යාශයක් පිහිටුවා ගතහැකි නොවේද? කුලී ගොඩනැගිලිවල පවත්නා රජයේ ආයතන වලට මෙන්න ඉඩ.
විපක්ෂයයි, ආණ්ඩුවයි දෙකම ඩීල් දාගෙන අන්තිමට දෙමළ- සිංහල මිනිස්සු කොටවනවා.