
(කැලුම් බණ්ඩාර)
ශ්‍රී ලංකාවෙන් ලැබී ඇති ඉල්ලීම් සහ ආර්ථික තත්වය ප්‍රථමයෙන් සළකා බැලීමෙන් පසුව පමණක් මෙරට නව ව්‍යාපෘති පටන් ගැනීම පිළිබඳව ජපානය තීරණයකට එළැඹෙනු ඇතැයි මෙරට ජපාන තානාපති කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළේය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව නැවත ආරම්භ කළ ව්‍යපෘති 11 ඉදිරියට ගෙන යාම සඳහා ජපානය මෙම අවස්ථාවේ ප්‍රමුඛතාවය ලබාදෙන බවද තානාපති කාර්යාලය පැවැසුවේය.
නව රජයත් සමග ජපානය මෙරට නව ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවාදැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තානාපති කාර්යාලය මෙම අදහස් පළ කළේය.
නැවත ආරම්භ කළ ව්‍යපෘති 11 සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජපාන තානාපති කාර්යාලය පවසා සිටියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඇතුළු බොහෝ ව්‍යාපෘති සාර්ථකව ඉදිරියට යමින් තිබෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානය කවදත් ශ්‍රී ලංකාව කෙරෙහි ආදරයෙන් සහ ගෞරවයෙන් සලකන රටක්. ඉතා ඉහළින් කලගුණ සලකන රාජ්‍යයක්...!
ජපානය කියන්නේ හරිම නීති ගරුක මිනිසුන් ඉන්න රටක්... මේ ව්‍යාපෘතිවලින් කොමිස් ඉල්ලපු දේශපාලකයා තාමත් හොඳින්... හොරාට නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි...
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ බණ්ඩාරනායක නම ඉවත් කළයුතුයි. මන්ද එය බණ්ඩාරනායකලා විසින් ඉදිකරන ලද්දක් නොව ඩඩ්ලි සේනානායක මහතා විසින් එ.ජා.පක්ෂ පාලන කාලය තුළ ඉදිකරන ලද්දක් බැවිනි...!
මා දන්න විදිහට ව්‍යාපෘති සඳහා ණය දෙන ඕනෑම රටක් ගිවිසුම්වල සඳහන් කරන දෙයක්ලු... අමුද්‍රව්‍ය සහ තාක්ෂණ ශිල්පීන්ගේ උපදෙස්, ශ්‍රම බලකායෙන් යම් සියයට ප්‍රමාණයක් එම රටවලින් ලබාගත යුතු බවට...
බොරු සෝබන සංදර්ශන සහ කතා ජපානෙට අදාල නෑ. වැඩ නැත්තං එතැනට ජපන්නු තියා උගන්ඩාවෙන්වත් එන්නේ නෑ.