(අමිල චින්තක ගමගේ)
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් හමු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයයේදී නාම යෝජනා භාරදීම සම්බන්ධයෙන් මෙහෙදී සාකච්ඡා කළ බව ඔහු සඳහන් කළේය.
මේ වන විට සමහර අපේක්ෂකයන් මියයාම, විදේශගතවීම හා පක්ෂයෙන් ඉවත් වීම වැනි කාරණා ඇතිවී තිබෙන නිසා ඒවාට ගත හැකි විසඳුම් සම්බන්ධවද සාකච්ඡා කළ බව ඔහුු සදහන් කළේය.ලබන මාසයේ පුංචි ඡන්දය පැවැත්වීම සම්බන්ධව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන නිසා ඉතා ඉක්මනින්මපොහොට්ටුවේ ප්‍රතිසන්ධාන කටයුතු ආරම්භ කරගෙන ජයග්‍රාහී ලෙස මැතිවරණයට මුහුණ දෙන බවද සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ඡන්දෙට පොහොට්ටුව වැඩ අරඹයි
බකල ජයා Friday, 29 November 2024 04:49 PM
ජයග්‍රාහී ලෙස මැතිවරණයට මුහුණදී ඇප නැතිවෙන අන්ත පරාජයක් සාර්ථක ලෙස අත්කර ගැනීමට මාගේ සාතිශය සුබපැතුම්!
රුවන් Friday, 29 November 2024 04:51 PM
දැන් පොහොට්ටුව කියන්නේ බංකොලොත් වෙච්චි කඩයක් වගේ. තියෙන්නේ පරණ කල් ඉකුත් වීමට ආසන්න සැමන් ටින් තුනක් විතරයි. පුළුවන් නම් හොරා කාපු ඩොලර් මිලියන - බිලියන ගාන ත්‍රස්තවාදී කළු සල්ලි සුදු කරන අප්‍රිකාවේ රටකට දිලා ඉන්ටපෝල් එකට සම්බන්ධ නැති අප්‍රිකාවේ රටකට ගිහින් ඉන්න එක තමයි තියෙන අන්තිම උපක්‍රමය...
sk Friday, 29 November 2024 04:54 PM
පොහොට්ටුව පරයෙලාම යාවි... !
Roshan Friday, 29 November 2024 05:42 PM
පිනට පාර්ලිමේන්තු ආපු මේ ගෝතයා ඔක්කොටෝම කළින් එළවන්න ඕනෑ. නැතිනම් වලව්වේ දංකුඩ කන බල්ලා බුරනවා.
Thushara Friday, 29 November 2024 06:09 PM
එහෙමද? අපිටත් තියනවා වැඩ අල්ලන්න...
achini Saturday, 30 November 2024 03:04 PM
රටට සාපයක් වෙච්චි පොහොට්ටුව විනාශ කරලා දාන්න ඕනෑ.
M.C.Nanda Sunday, 01 December 2024 06:51 AM
දැන් මහන්සිවෙලා වැඩක් නැහැ... තවත් අවුරුදු විස්සකට පස්සේ උත්සාහ කරන්න ලොක්කා...