
(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූවාය.
දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා ආරක්ෂාව, මන්දපෝෂණය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිලිබඳ යළි මෙහිදී සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසීය.
‘යුනිසෙෆ්’ දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්ෂ සංජේ විජේසේකර, ‘යුනිසෙෆ්’ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියාන් ස්කූග්, කලාපීය මෙහෙයුම් ප්‍රධානී යූකෝ කුසමිචී, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් (සංවර්ධන) මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ දිලිනි ගුණසේකර යන මහත්ම මහත්මීහූ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd