
(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
කියෙව් නගරයේ ස්ථාන කීපයකටද රුසියානු හමුදාව මිසයිල එල්ල කළ බවත් එම මිසයිල ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් සාර්ථකව විනාශ කරනු ලැබූ බවත් කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ ප්‍රකාශ කළේය. ඉන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවත් කෙසේ නමුත් දේපළ හානි වාර්තා වන බවත් නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.
රුසියානු හමුදා ප්‍රහාර මාලාව ආරම්භ කිරීමත් සමග යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාර කීපයක් ක්‍රියා විරහිත කිරීමටද බලධාරීන් කටයුතු කළ බවත් ප්‍රහාර හේතුවෙන් යුක්රේනුවන් මිලියනයකට විදුලිය විසන්ධි වූ බවත් නගරාධිපති ක්ලිට්ෂ්කෝ පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට තමයි ඉල්ලන් කෑම කියන්නේ... ඇමෙරිකාවේ ලණුකාපු කෙනෙක් කවදාවත් ගොඩට ඇවිල්ලා නෑ.