(රෝෂන් තුෂාර)
අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (29) නියෝග කළේය.
2021 වසරේදී බේස් ලයින් පාරේ සිදුවූ රිය අනතුරකින් පසුව පුද්ගලයකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයාට එරෙහිව ග්‍රෑන්ඩ් පාස් පොලිසිය මගින් ගොනු කළ විමර්ශන වාර්තාවට අනුව පසුගිය 26 වැනි දින යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කොට තිබිණි.
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා මහතා අධිකරණයේ පෙනී සිටිමින් සිය නීතිඥයා මගින් කියා සිටියේ පසුගිය 26 වැනි දින තමන් පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වූ බැවින් හා අධිකරණයට පැමිණිය යුතු දිනය අමතකව තිබූ බැවින් පෙනී සිටීමට නොහැකි වූ බවයි.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තු ආපසු කැඳවීමට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වේ නැද්ද, 26 වෙනිදා අධිකරණ දිනය අමතක වෙලා පාර්ලිමේන්තු ගියාට, එහෙ ගිහිල්ලත් දැම්මේ ගොන් පාට් එකක් කියලා...
සාමාන්‍ය කෙනෙක් අමතක වුණා කිව්වොත් මොකද වෙන්නේ...?
දොස්තර කෙනෙක් වුණේ කොහොමද? දිනයක්වත් අමතක වෙනවා නම්? ඕවා කියන්න කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට...!