
(මනෝප්‍රිය ගුණසේකර)
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලද ඉරාන ජාතිකයන් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අද (28) නියම කළේය.
වසර 05 කට ඉහතදී හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පැවරූ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් වරද පිලිගන්නා බව දැනුම් දීමෙන් අනතුරුව විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කරමින් විනිසුරුවරයා අදාළ දඬුවම් නියම කළේය.
2019 ජුලි 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය වු මට්ටක්කුලිය මුහුදු තීරයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.
විත්තිකරුවන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරන්ට ලැබුණු තොරතුරකට අනුව ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය වු මට්ටක්කුලිය මුහුදු තීරයේදී සැකකරුවන් පරීක්‍ෂාවට ලක් කොට ඇති අතර ඒ අවස්ථාවේදී ඔවුන් සතුව තිබී හෙරොයින් මත්දව්‍ය තොගය සොයා ගෙන ඇති බවත් පසුව විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් අනාවරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිර්‍රේ ඉන්න සේරම කුඩු මුදලාලිට. රජයේ මුදලින් කෑම බීම. දෙන දීමනා. නතර කරලා මොවුන්ගේ පවුල් වලින් මුදල් ලබා ගන්න. මාස්පතා මොවුන්ව නඩත්තු කරනවාට. සේරම සිරකරුවන්ට ඒ මුදලින් යැපෙන්න පුළුවන් විදියට. මොවුන් ඇතුලේ හිටියත් මහ පරිමාණයෙන්. මුදල් රැස් කරනවා. මොවුන්ගේ පවුලේ උදවිය. සැපට ජීවත් වෙනවා. මන්දිරවල ඉඳගෙන... කරුණා කරලා... මොවුන්ගේ ජීවන වියදමට මුදල් ලබාගන්න ක්‍රමයක් හදන්න.
මම සිංගප්පූරුවේ හිටියා හින්දා දන්නවා... එහේ කුඩු නැත්තේ කුඩු ගැහුව්වත් මරණ දඬුවම, කුඩු ළඟ තියාගත්තා මරණ දඬුවම. එහෙම නිතී තියෙන්න ඕනේ ලංකාවට...!