
(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පෙරේදා(27)වන දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28 දෙනෙකුට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස නාවලපිටිය පොලිසිය විසින් උපදෙස් ලබා දී ඇත.
නාවලපිටිය පස්බාගේ කොරළේ ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු ආපද කලමණාකරණ ඒකකයේ උපදෙස් මත නාවලපිටිය පොලිසියේ නිලධාරීන් ආපදාවට ලක් වී ඇති පිරිසට උපදෙස් ලබා දී ඇත.
එම ගම්මානයට පිවිසෙන මාර්ගය පෙරේදා(27)වන දින සම්පුර්ණයෙන්ම ගිලා බැසීමට පටන් ගැනීමත් සමඟ ඒ අසල පිහිටි නිවාස හයක බිත්ති පුපුරා ගොඩනැගිලි ගිලා බැසීමට ලක්ව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමටම බඩු බනිස් වෙන්නයි යන්නේ... ඉක්මණින් ඉවත් වෙන්න මහින්ද මහත්තයාට ඡන්දෙ දුන්නෙත් නැහැනේ... ඔන්න ඕකයි තත්වේ...