
( ජේ.ඉඳුරුවගේ)
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අවුරුදු ව්‍යාපෘතියකින් එළුවන් 23 දෙනෙකු පමණක් අභිජනනය කිරීමේ සිද්ධියක් ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ඉඹුල්දණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ 2019 දී අරඹා ඉකුත් වසර අවසානයේ අවසන්වු මෙම ව්‍යාපෘතියෙන් වසරකට 50 බැගින් එළුවන් 250 ක් අභිජනනය කිරීම අරමුණවූ බව විගණන කාර්යාලය සඳහන් කරයි.
එහෙත් මෙසේ එළුවන් 23 ක් පමණක් අභිජනනය කර රුපියල් 2 ,362,442 ක ආදායමක් උපයා තිබීමෙන් ව්‍යාපෘතියේ අරමුණ ඉටුව නැතැයි මේ සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන්වේ.
අභිජනනයට යොදාගත් ආනයනික එළුවන් තුළ නිරෝධායන කාලයේ බී.ටී සහ සී.ඒ.ඊ.ප්‍රතිදේහ තිබූ බැවින් එළුවන් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීම නතරකළ බව දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා විගණනයට දැනුම් දී තිබේ.
විගණනයෙන් අනාවරණයවූ මෙම දත්ත අනුව ව්‍යාපෘතියට වැය කළ මුදලෙන් ලැබුනු ආදායම අඩුකළවිට ඉතිරි මුදල හා අභිජනනය කළ එළුවන් සංඛ්‍යාව සැසඳීමේදී එම එක් එළුවෙක් වෙනුවෙන් රුපියල් 3,895 ,993 ක් වැයවී ඇති බව පෙනී යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දශක හතක සාපය කියන්නෙ නිකං නෙමෙයි... ඔය මුදල් වැයකරලා තව බත්කන හරක් ටිකක් බිහිකෙරුවනම්, මෑත ඉතිහාසයේ රටකාපු හැතිකරේට ඡන්ද ටිකක් හරි ගන්න තිබුණා...
ලංකාවේ බොහෝ පර්යේෂණ ආයතන මෙහෙම වෙන්න පුළුවන් . සුදු අලින්. තේ රබර් පර්යේෂණ ආයතනත් මේ වගේ වෙන්න ඕන. පොල් පර්යේෂණ ආවතනය නම් යම් වැඩක් කරන වගක් පේන්න තියෙනවා. නමුත් ගසා කෑම් කොහොමද දන්නෙ නෑනෙ.
ගමේ එළුවන් ඇතිකරන මහතුන්ට අඩුම ලක්ෂ 10 ගානේ දුන්නා නම් අද එළුවෝ 50-100ක් අභිජනන කරලා. මේවා තනිකරම සහගහන අපරාද. අඩුම දුප්පත් පාසල් වලට දුන්නා නම් තවත් දෙයක්.
වනඅසුන්දර, එතකොට රටේ ජනතාව කතිරෙ ගහලා, මන්ත්‍රී කරලා දියවන්නාවට ඇරලා බදුමුදල් වලින් දිව්‍ය ලෝක සැපසම්පත් මෙලොවදී දුන්නේ, නිලධාරීන්ට වැඩකරන්නද? නැත්නම් රටට-ජනතාවට වැඩකරන්නද? අනිත් එක මන්ත්‍රී ඇවිල්ලා බබා, නිලධාරීන්ට කියන විදිහටම වැඩකරන්න. ඔය කියන නිලධාරීන්ගෙන් අති බහුතරයක්ම දේශපාලන හිතවත්කමට පත්වීම් ලබපු අය, ඒ නිසා ඇත්ත තත්වය නම්, මන්ත්‍රී කඩප්පුලි වැඩකරනකොට නිලධාරීන් නිහඬව සිටීම සහ නිලධාරීන් කඩප්පුලි වැඩකරනකොට මන්ත්‍රී නිහඬව සිටීමයි. වෙලාවකට ඔය දෙගොල්ලෝම එකට එකතුවෙලා තමයි කඩප්පුලි වැඩකරන්නේ. අවසාන ප්‍රථිපලය රට අගාධයට යන එකයි, අන්තිමට වුණෙත් ඒකමයි...
මෙතැන තියෙන්නේ විද්‍යාත්මක ප්‍රශ්නයක්. එළුවෙකුට අච්චර මෙච්චර ගියා කියන එක නෙවෙයි. රටින් ගෙන්වපු එළුවො නිරෝධායන කාල සීමාවේදී යම් අහිතකර තත්ත්වයක් ආවා නම් ඒ එළුවෝ ක්ෂේත්‍රයට යවන එක අවදානම්.