
(රොමේෂ් මධුෂංක)
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ උපන්දිනය නිමිත්තෙන් හිටපු පලාත් සභ මන්ත්‍රී.ඒම්.කේ.සිවාජිලංගම් ඇතුලු පිරිසක් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි ප්‍රභාකරන්ගේ නිවෙසේදී කේක් කපා සැමරීමක් සිදු කර ඇත..
කොටි ත්‍රස්ත නායක ප්‍රභාකරන්ගේ 70 වැනි උපන්දිනය බව පවසමින් අදාල පිරිස මෙසේ කෙක් ගෙඩියක් කපා සැමරීමක් සිදුකරනු ලැබීය.
කෙසේ අදාල සැමරුමේ තහනම් සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඡායාරූපයක් හෝ ප්‍රභාකරන්ගේ රුව හෝ වෙනත් අයකුගේ රුවක් ප්‍රදර්ශනය නොකිරීම හේතුවෙන් මෙම සැමරුම සිදුකිරීමට අවස්ථාව ලැබී ඇති අතර යම් හෙයකින් තහනම් සංවිධානයක් හෝ ඒම සංවිධානයක සාමාජිකයකු ප්‍රදර්ශනය කොට සැමරීමක් සිදුකරන්නේ නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙකුට දුෂ්ඨයෙක්, තව කෙනෙකුට වීරයෙක් වෙන්න පුළුවන්. රටේ නීතීයට අනුකූලව ඕනෑම කෙනෙකුට ඕනෑම මියගිය කෙනෙක්ව සැමරීමට නිදහස තියෙනවා. අපේ වෛරයෙන් ඔවුන්ගේ ජාතිවාදයද ඔවුන්ගේ වෛරයෙන් අපේ ජාතිවාදයද පෝෂණය වේ...!
මේ පාර කොහාටද?
මේවාවල කොහෙන් හරි රාජපක්ෂ පවුල සම්බන්ධ ඇති, මොකද බලය ගන්න නොකරන දෙයක් නෑනේ...!
ඒකනේ ඡන්දේ දුන්නේ ජෙප්පන්ට… ලන්කාව දෙකඩයි..!
Ruan ඔයානම් . මුලින් උගන්ඩාවේ සල්ලි ටික හොයාගෙන එන්න .තවත් බොරු වපුරන්නේ නැතුව
මෙතන ඉන්න ජෙබයියෝ ටිකත් පාටියට ගිහිල්ලා වගේ