ව්‍යාජ රන්කාසි සමග පවුලක්ම මාට්ටු
නිධානයකින් ලබාගත් බව කියන වටිනා රන්කාසි බව පවසමින් එම ව්‍යාජ රන්කාසි 810 ක් මනම්පිටිය මාගංතොට ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී, ඔහු සිදුකළ පැමිණිල්ලක් අනුව අද රාත්‍රියේ සිදුකළ වැටලීමකදී එම, ව්‍යාජ රන්කාසි සමඟ මව, දුව, පුතා, අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.