
(ගයාන් සූරියආරච්චි )
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳුවල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලට අනුව එම ඝාතනය සඳහා යොදාගත් බෝර 12 ෂොට් ගන් වර්ගය ගිනි අවියක්ද, ජීව උන්ඩ නවයක්, හිස් පතරම් දෙකක් පොලිසිය සොයාගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd