පිහි ඇනුමෙන් අයෙක් මරුට ගාල්ල ඩිඩිස්වත්ත ප්‍රදේශයේදි පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතියි පොලිසිය පවසයි. 04 April 2024
පා.ම. කේ.එච්. නන්දසේන දිවියෙන් සමුගනී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්වයකින් අද අභාවප්‍රාප්ත විය. 04 April 2024
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 April 2024
රට රැකියා පෙන්නා කෝටි 11ක් වංචා කරලා ඊශ්‍රායල් රැකියා සඳහා යවන බව පවසමින් පුද්ගලයන් හතළිහකගෙන් පමණ රුපියල් කෝටි 11 ක පමණ මුදලක් ලබාගෙන වංචා කළ බව කියන සිද්ධියකට කටුනේරියේ නිවසකට කඩා වැදුණු විසිපස් දෙනකුගෙන් පමණයුත් පිරිසක් මුදල් ඉල්ලා කලබල කළ බව මාරවිල පොලිසිය කියයි. 03 April 2024
සම්බන්ධන් අවුරුදු 8ක්ම විපක්ෂ නායක නිල නිවෙසේ හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයාට හිමි කොළඹ 7 මහගමසේකර මාවතේ නිල නිවෙසේ වසර 8ක පමණ කාලයක සිට රැඳී සිටින බව වාර්තාවේ. 03 April 2024
තොරතුරු පනතට පිටුපෑ මහනුවර නගර සභා ලොක්කො දෙන්නෙකුට නොතීසි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ මහනුවර මහ නගර සභාවෙන් තොරතුරු ඉල්ලා සිටි මහනුවර පුරවැසියකුට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ තොරතුරු ලබා නොදුන් නගර සභාවේ උසස් පරිපාලන නිලයන් දරණ රාජ්‍ය නිලධාරින් දෙදෙනකුට :නාගරික කොමසාරිස් සහ නියෝජ්‍ය කොමසාරිස් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඩී. සී. දිසානායක මහතා විසින් නොතීසී නිකුත් කරනු ලැබ තිබේ. 03 April 2024
දුරකතන සංඥා නොමැතිවීමෙන් මිනිපේ ජනතාව අමාරුවේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නකලස් කදු පද්ධතියේ පහළ කොටසේ පිහිටි ගම්මාන රාශියකට ජංගම දුරකතන සදහා නිසි ලෙස අදාළ සංඥා නොලැබීම හේතුවෙන් එම ගම්වල අධ්‍යාපනය හදාරන දූ දරුවෝ සහ ගම්වාසීහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති. 03 April 2024
හිඟුරාන සීනි ඉතිහාසය වෙනස් කරයි ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වා ගෙන යනු ලබන හිගුරාන සීනි කර්මාන්ත ශාලාව මෙවර කෙටි ඇඹරුම් වාරයේදී හිගුරාන සීනි ඉතිහාසය වෙනස් කරමින් උක් ටොන් 1,11,272 ක් අඹරා තිබේ. 03 April 2024
අවුරුද්දකදී ප්ලාස්ටික් පෑන් ටොන් 80ක් පරිසරයට ටොන් අසූවක් පමණ බරැති ප්ලාස්ටික් පෑන් කෝටි දොළහක් වසරකට වෙළෙඳපොළට නිකුත් කෙරෙන බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය. 03 April 2024
මාර්ග දෙකක දුම්රිය ධාවනය නවතී මරදාන දුම්රිය ස්ථානය ආසන්නේ අද (3) පස්වරුවේ සිදුවූ දුම්රිය පිලි පැනීම හේතුවෙන් මාර්ග දෙකක දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම මෙන් අත්හිටුවීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 April 2024
මාමා ඝාතනය කළැයි බෑණා අල්ලයි අවුරුදු හැත්තෑ තුනක් වයසැති සිය මාමණ්ඩිය ඝාතනය කළේ යැයි කියන බෑනා සැකපිට අත්අඩංගුවට ගත් බව කැලණිය පොලිසිය පවසයි. 03 April 2024
බංකොලොත් රටක දුප්පත්කම අලුත් දෙයක් නොවේ බංකොලොත්වූ රටක දුප්පත්කම අළුත් දෙයක් නොවෙ යැයි ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 03 April 2024
ඉංග්‍රීසි ගුරුවරු පන්සීයක් පාසල්වලට උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදෑරූ පන්සිය දෙනකු ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. 03 April 2024
තාක්ෂණ සරසවියේ හිටපු උපකුලපති ආර් ටී අයි නඩුවෙන් නිදහස් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයා ට එරහිව පැවරූ නඩුව විභාගයට නොගෙන උප කුලපතිවරයා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(03) තීන්දු කළේය. 03 April 2024
මහව මරදානේදී පීලී පනියි කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.05 ට මහව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය අද (3) පස්වරු 06.15 ට පමණ මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර පිලීපැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය. 03 April 2024
කෘෂි නවීකරණ කවුන්සිලයක් පිහිටුවයි කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යාංශ, ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 April 2024
වැටලීමට ගිය සැරයන්ට බඳින තුවක්කුවක් පත්තුවෙයි කසිප්පු වැටලීමකට ගිය පොලිස් සැරයන් වරයෙකුට බඳින තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලබා ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. 03 April 2024
කතකට තනිව සැරිය හැකි හොඳම රට ලංකාව වර්තාමානයේ කාන්තාවන් බොහෝ දෙනෙකු තනිව සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවත් එලෙස කාන්තාවකට තනිව සංචාරය කිරීමට ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව බවත් නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ටයිම් අවුට් සඟරාව පවසයි. 03 April 2024
විස නැව ගෙන්වූ අයට වැඩ වරදියි අන්තරායකර අපද්‍රව්‍ය රැගෙන පැමිණෙන නෞකාව සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නොතිබූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා පැවසීය. 03 April 2024
ජෙරොම්ට රට යන්න අවසර බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළේ යැයි චෝදනාවට ඇප මත සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහනම ජූනි 26 වැනිදා දක්වා ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නියෝග කළේය. 03 April 2024
’’ඕනෑම විවාදයකට මම සූදානම්’’ රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් තමන් ඕනෑම පුද්ගලයකු සමග ඕනෑම විවාදයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 03 April 2024
පොලිස් අත්අඩංගුවේදී 24ක් මියගිහින් පොලිස් අත්අඩංගුවේ සිටියදී 2023 වසරේ පුද්ගලයන් 24 ක් මියගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය. 03 April 2024
ශක්තිමත් ආර්ථිකයකට තරඟකාරී ආයෝජන ගේනවා රටට හිතකර තරඟකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 April 2024
නිදහස ලැබූ රජීව් ගාන්ධි ඝාතකයන් මෙරටට ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා 1991.05.21 දින ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා වසර 33 ක් සිර දඩුවම් ලබා සිටි ද්‍රවිඩ ජාතිකයන් තිදෙනකු එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ අද (03) දහවල් වෙත පැමිණ තිබුණි . 03 April 2024
රත්තරන් මිලේ පහළ යෑමක් දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (3) ඉතාම සුළු පහළ යෑමක් ප්‍රදර්ශනය කරන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 03 April 2024
අවුරුදු කාලේ කෝච්චි දුවන්නේ මෙහෙමයි සිංහල සහ දෙමළ අවුරුදු අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවට දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොලගේ මහතා දැනුම් දී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 03 April 2024
ඩොලරය තවත් පහළට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය මාස 10 කට ආසන්න කාලයකට පසුව රුපියල් 300 කට අඩු අගයක් දක්වා පහත වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (3) නිවේදනය කළේය. 03 April 2024
දමිතාට - සැමියාට රට යෑම තහනම් කොරියා යවන බවට පවසා රුපියල් ලක්ෂ 30 වංචා කළ බව කියන දමිතා අබේරත්න සහ ඇගේ සැමියට විදෙශ් ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේය. 03 April 2024
කෙහෙලියට අදත් ඇප නෑ බාල බෙහෙතේ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන්ට ඇප නියම කරන්නැයි හිටපු සෞඛය අමත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි. 03 April 2024
ප්‍රහාරය මෛත්‍රී මුල ඉඳන් දැනගෙන හිටියා පස්කු ඉරිදා ප්‍රහාරය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුල සිටම දැනගෙන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව සිරිල් ගාමිණි පියතුමා පැවසූහ. 03 April 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025