
(සුජිත් හේවාජුලිගේ )
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
මේ හේතුවෙන් නිවාස භාර ගන්නා පාර්ලිමේන්තු නිලධාරීහු අපහසුතාවයට පත්ව සිටිති. මන්ත්‍රීවරු අසූ දෙනෙකු පමණ දැනට නිවාස භාරදී අවසන්ව ඇත
තව බාර දීමට ඇත්තේ මන්ත්‍රීවරුන් විසිදෙනෙකුගේ නිවාස පමණක් බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. වහාම එම නිවාස භාරදෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් ඒ මන්ත්‍රීවරුන්ට යළි සිහිකැඳවීමක් කර ඇත. නවක මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස භාරදීම ලබන 3 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
නවක මන්ත්‍රීවරු හතළිස් දෙනකු පමණ නිවාස ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ නම් හෙලිකරන්න බැරිද?
මේ අයගේ නම් ප්රසිද්ධ කරන්න ඕනේ. අපි ඉන්න රටකට හරි ආවොත් අණ්ඩක් කැඩෙන්න ගහලා අපි හිරේ ගියත් කමක් නෑ.
අසූවක් නිවාස භාරදීලා තියෙනවා. හතලිහක් නිවාස ඉල්ලා තියෙනවා. භාර නොදුන් අයට විශ්රාම වැටුපකුත් දෙනවා නම් ඒකෙන් අයකර ගන්නකෝ. ආපසු ආවාම නිවාස ආපසු භාරගන්න නොදෙනවා නම් සංතකය ගන්නා ක්රම තියෙනවා කියලා අහලාම නැද්ද?