
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
එම මණ්ඩලය යෝජනා ඉදිරිපත් කිරීමට දෙවැනි වරටත් සති දෙකක කාලයක් ඉල්ලා සිටීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් එම යෝජනා අධ්‍යයනය කර විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රියාවලියට සති හයත් අටත් අතර කාලයක් ගතවන බවත් එම නිලධාරියා කීය.
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් මස අග එම කොමිසමට ඉදිරිපත් කළ ද එහි විදුලි ගාස්තු අඩුවීම ප්‍රමාණවත් නොවන බැවින් යළි එම යෝජනා සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බවත් එම නිලධාරියා කීය.
අදාළ යෝජනා මෙම මස 8 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණ ද එම දිනයට යෝජනාවලිය ඉදිරිපත් නොකළ නොහැකි යැයි ද දන්වා තිබීමෙන් මේ මස 22 වැනිදා දක්වා කාලය දුන් බවත් ඉන් පසුව තවත් සති දෙකක කාලයක් දෙන ලෙස විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
එම සති දෙකෙන් ද පසුව දෙසැම්බර් මස 6 වැනිදා යෝජනා ලැබෙනු ඇතැයි එම කොමිසම විශ්වාසර කරන බවත් එදින විදුලිබල මණ්ඩලය යෝජනා ඉදිරිපත් කළ ද විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසර දක්වා කල්යනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද හෙට පැන්ෂන් යන්න ඉන්න වැඩ බැරි සාමාන්‍යාධිකාරී කෙනෙක් පත් කරගත්තාම ඕක තමයි ප්‍රතිඵලය. මිනිහා පඩියයි, පැන්ෂන් එකයි දෙකම වැඩිකරගෙන හිමීට මාරුවෙයි. ජනතාවට තමයි පාඩුව...
පොඩ්ඩක් ඉවසලා ඉන්න. අපේ අනුර සහෝදරයා ජනාධිපති වුණු ගමන් පැය 24 ඇතුළත විදුලි බිල ලෙල්ලටම අඩු කරනවා. මතක තියාගන්න අපිට ඕක කරන්න පැය 24ක් යන්නේ නැහැ හොඳේ...
හහ් හහ් හා... බොරු කියනවා නම් කියන්න ඕනේ ලොවෙත් නැතිවෙන්න.
ජයවේවා..! ඒවා විදුලිබල මණ්ඩලයේ සහ පාරිභෝගික සේවා කොමිසම් සභාවේ දුර්වලතාවයන්නේ රජය කුමක් කරන්නද..? මෝල් හිමියෝ දුෂ්ඨ කමට හාල් හන්ගලා ඉතින් රටින් ගෙන්වන්නේ නැතිව ඇමැති තුමාලා ගෙදරින් ගේන්නයැ. වෙනස වෙනකම් ටිකක් නොවෙයි අවුරුදු පහක්බලන් ඉන්න වෙයි.
වාහන ගන්නේ නෑ කිව්වා. පිටරටින් හාල් ගේන්නේ නෑ කිව්වා. පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්නේ නෑ කිව්වා. ආපු ගමන් ඉන්ධන සහ විදුලි බිල පට් පට් ගාලා අඩු කරනවා කිව්වා. කෝ දැන් කරාද? අනුන් විවේචනය කර කර ඉන්න වගේ නෙමේ නේද කරන්න ගියාම? ඔය පටන් ගත්තා විතරයි හොඳේ !
ප්‍රමාදයට හේතුව තවම එමින් සිටින නිසයි.
ලංවිම මෙගා සේවක රැලට බෝනස් ගෙවන්න සල්ලි ඕන ඇති නේද?සියලු වැඩ කොන්ත්‍රාත් ක්‍රමයට. ඒත් විසිපන්දහසකට වඩා සේවකයෝ.පින්පඩිකාර අතිරික්ත සේවකයන් රෑන ඉවත්කර විදුලි බිල පහත දමන්න....
කයියෝ කියන්නේ ඒකනේ...!
ඩොලර් එක බැහැලා තෙල් මිල අඩුවෙලා තිබෙන, ජලාශ පිරිලා ඉතිරිලා යන මේ අවස්ථාවේ විදුලි බිල අඩු කරන්න බැරි නම් කවද්ද පුළුවන්?
මදැයි විදුලි ඉංජිනේරුවෙක්ම විදුලිබලේ ඇමැතියා හැටියට පත්කර ගත්තා...