
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (25)වැනි දා පිරිනැමිණ.
ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය පත් කර තිබේ.
ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස මලර්මතී ගංගාධරන් මහත්මිය පත් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේකම්වරු පැටව් ගහනවා සහෝදරවරුනි...,
ඊට වඩා පවුල් පාලනේ අය කොයි තරම් පැටව් ගහලා, රටම හොරාකාලා කාබාසීනියා කරන්න ඇත්ද?
අයේෂා ජිනසේන හිටපු විනිසුරුවරියක්... ඉතා අගනා පත්කිරිමක්