
(යොහාන් භාසුර)
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.
හිටපු අමාත්‍යවරු මෙවැනි ආකාරයට කටයුතු කිරීම නිසා රාජ්‍ය ආයතන විනාශ වූ බවත් තමන්ට ලැබුණු පළමු දුරකථන ඇමතුම හිඟ බිල ගෙවන ලෙස දුරකථන සමාගමෙන් බවත් ඒ මහතා කීය. ඒ මහතා දුරකථන ඇමතුම අමාත්‍යවරයා මෙසේ විස්තර කළේය.
“මගේ අමාත්‍යංශයට මම ගියාම ඇමතිවරයා දෙන ටෙලිෆෝන් එකක් තියෙනවා. මම ගිහිල්ලා හවස හතරාමාරට විතර කෝල් එකක් ආවා. මම හිතුවා එක්කො මට සුබ පතන්න කවුරු හරි වෙන්න ඇති නේද කියලා බොහෝ ආසාවෙන් ගත්තා.
ගත්තම කියනවා ‘කර්මාන්ත අමාත්‍යංශයෙන් ද කථා කරන්නේ කියා සැරට කථා කළා නෝනා මහත්තයෙක්. මම ටිකක් බයත්වුණා. මම කිව්වා ඔව්, නම්බර් එකට කනෙක්ෂන් එකක් තියෙනවා කිව්වා. මම හිතුවා මම ඇමති හින්දා අලුතින් ටෙලිෆෝන් එකක් දෙන්න යන්නෙ කියලා. නම්බර් එකක් කියලා කියනවා 24,220 ක් හිඟ තියෙනවා. හෙට උදේට ගෙව්වේ නැත්තන් මේක කපනවා කිව්වා.
ඔන්න බලන්න ආපු පළවෙනි කෝල් එක. හිඟ ටෙලිෆෝන් බිලක කෝල් එකක් ආවා. මගෙන් ඇහුවා කවුද කථා කරන්නේ කියලා. මම කියන්න ඇයි ඇමති කියලා. මම කිව්වා වැඩ කරන එක්කෙනෙක් කථා කරන්නෙ. ලොකු මහත්තුරු ඔක්කොම ගිහිල්ලා. හෙට උදේ ලොකු මහත්තුරු ආවට පස්සේ ගෙවන්න කියලා කියන්නන් කියලා.
මේ වගේ දේවල්වලින් තේරුම්ගත හැකියි අපේ රටේ ආයතනවලට මොකක්ද වුණේ කියලා” යැයි ඒ මහතා වැඩි දුරටත් පැවසුවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම ආයතනය පමණක් නොවෙයි, සියලුම රාජ්‍ය හා අර්ධරාජ්‍ය ආයතනවල තත්වය ඔහොම්ම තමයි ඇමැතිතුමා ඒ අතර අද සමාජ මාධ්‍යය හරහා මහනුවර දුම්රිය ස්ථානයේ තත්වය ගැන කෙනෙකු යොමුකළ ගැටළුවක් දකින්නට ලැබුණා. මම එම සිද්ධිය නොදැක්ක නිසා සත්‍යම තත්වය දන්නේ නැහැ. ඒ ගැන ප්‍රවාහන ඇමැතිතුමා දැනුවත් කරන්න ඒ සමගම කැබිනට් එක සාකච්ඡා කර වත්මන් රාජ්‍ය නිලධාරින්ගේ තියෙන මහන්තත්වය නැතිකිරීමටත් සේවාලාභීන්ට කතාකිරීමේදී සීලාචාරව කතාකිරීමට ඉගැන්විමත් ලිපියක් යැවීමේදී ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කිරීමත් කරන්න.
දැන්වත් රඟපෑම අතඇරලා වැඩක් කරමු නේද?
නිධානේ ගොඩ ගත්තම ඕක ගෙවන එක සුළු දෙයක් හදුන් සහෝ.....
නිකන් මාධ්‍ය සංදර්ශන කරන්න කාලේ කන්නේ නැතිව බිල ගෙවලා IMF ණය ආපසු ගෙවීමට කාලය යොදවන්න. අමාත්‍යාංශයේ වැඩවලට ෆෝන් එකක් තිබීම සාමාන්‍ය දෙයක්...
කියන්නේ ඇත්තද දන්නේ නැහැ. හඳුන්නෙත්ති ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
ඇමතිතුමෝ දුරකතන බිල් එන්න ඇත්තෙ හිටපු ඇමතිවරයා ඉවත්වෙලා ගියාට පස්සෙ නේද .ඉතින් ඒක ගෙවීමි කරන්න වෙන්නෙ අමාත්‍යංශයේ නිළධාරි විසින් තමා .දැන් බිල් එවන්නෙත් නැහැනේ.දුරකතන සමාගම් හිතුනු හිතුනු ආකාරයට ගසාකෑමට පටන්ගෙන තියෙනවා. හෑන්ඩ්ෆෝන් වලට නම් දිනපතාමත් සමහර දිනවල දිනකට දෙතුන්වතාවක් අමතා අරක ගන්න මේක ගන්න කියලා සූරාකෑමට තියෙන ක්‍රම පෙන්වනවා. පෙර ගෙවුම් ක්‍රමයට කීයක් දැම්මත් මොකද වුනේ කියල හිතාගන්න බැහැ මුදල් ඉවරෝ කියල මැසේජ් එනවා ඒවායේ සේවකයො ගසාකනවාද තේරුම් ගන්න බැහැ
තමුන්නාන්සේ දැන් පාවිච්චි කරන ලීටරේට කිලෝමීටර් 4 ක් වැඩ කරන බීඑම්ඩබ්ලිවු කාර් එකට පෙට්‍රල් ගහන්නේ අපේ බදු මුදලින් නෙවෙයිද?
රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක සේවකයෙකුට සේවාලාභියෙකු එක්ක ගනුදෙනු කරන විට තරහයෑම පාලනය කරගන්න බැරිනම්, ඒක වෘත්තීය වශයෙන් දුර්වලවීමක්. ඒ අයට anger management training අනිවාර්ය කරන්න ඕන. එහිදී ගාස්තුවක් ගෙවන්න වුනොත්, ඒක සේවකයාගේ පෞද්ගලික මුදලින් ගෙවීමට නියම කලයුතුයි.
අභව්‍යයි කතන්දරේ, ඇමතිතුමාට අමාත්‍යංශ කාර්යාලයට දුන්න ටෙලිෆෝන් බිල ගෙවන්නේ ආණ්ඩුවෙන්, ඒක ටෙලිකොම් එකෙන් නොදන්නවා වෙන්න බැහැ නේ!.
අපි නං හිතුවේ පලමු ඇමතුම කැනඩාවේ යාලුවගෙන් කියලා...ඩොලර් මිලියනය පරිත්‍යාග කරන්න කියලා...
මේ කියන විදිහට වැඩ භාරගෙන පළවෙනි දවසේ මේ දුරකථනයට කවුරුවත් කතා කරලා නෑ, හවස් වෙනකම්ම.
ජයශාන්ත සහෝදරයා වට කිව්වා නම් ඕක සූරුස් ගාලා ගෙවලා දායි. අනේ හඳුන් දැන්වත් ඔය පච කෙලිල්ල නවත්වලා වැඩ පටන් ගන්නවාද?...