
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටින බව වාර්තාවේ.
අමාත්‍යාංශ සහ ආයතන දහයක් පමණ ඇමති බංගලා කුලියට ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙසේ ඉල්ලීම් කර ඇත්තේ දැනට පෞද්ගලික ගොඩනැගිලිවල සිය ආයතන කුලියට පවත්වාගෙන යනආයතන දහයකි.කෙසේ වෙතත් එම ඉල්ලීම් සම්බන්ධයෙන් තවමත් සලකා බලා නැති බවත් ඉල්ලීම් රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ඇමතිවරුන් සඳහා වෙන්කර ඇති රජයේ බංගලා සංඛ්‍යාව 35කි. මෙම බංගලා සියල්ල හිටපු ඇමතිවරුන් රජයට භාරදී අවසන්ය.මේ අතර මෙම ඇමති බංගලා දේශීය සංචාරකයන් සඳහා ලැගුම් ගැනීමට ලබා දෙන්නැයිද ඉල්ලීමක් ඉදිරිපත් ඇත. මෙම බංගලා වර්තමාන ඇමතිවරුන්ට ලබාදීමට රජය තවමත් තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්රීලාට බංගලා මොකටද? එයාලා හාමුලාද?
මම දන්න ලංකාවේ ජනප්‍රිය පවුලකට අයිති බිල්ඩිම රජයේ ආයතනයකට දුන්නා වැඩි ගාණකට, වැඩි ගානේ කුට්ටිය ඇමති සාක්කුවේ. ඉතින් ඔය බංගලා ටික දුන්නාම රජයට කුලී/ බදු සල්ලි ඉතුරු වෙනවා නේද? ඩොලර් මිලියන ගානක අවුරුද්දට ඉතුරු වෙනවා. ඔය සල්ලි වලින් මිනිස්සුන්ට සහනාධාර දෙනවා...
ඇමැතිලගේ පදිංචි ස්ථානය කොළඹට දුරින් නම් ඔය බංගලා ඔවුන්ට බදු දීමේ වරදක් නැහැ. මේවා මන්දිර නිසා එක බංගලාවක් ඇමැතිලා කිහිප දෙනෙකුට පදිංචි කළහැකි වන සේ වෙනස්කම් කොට දීම සුදුසුයි. ඒ වගේම කොළඹ නැවතීමට සිදුවන මන්ත්‍රීලාටත් මාදිවෙල තිබෙන ප්‍රමාණය මදි නම් ඒ සඳහාත් ඕවා යොදා ගත්තාම එයින්ම වැඩේ ගොඩදාන්න පුළුවන්...
ඇමැතිවරුන්ට බංගලා ගායක් නැහැ.