
(ආරියරත්න රණබහු)
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එහි සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සන්ධානයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
ඒ මහතා එම ඉල්ලීම කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් පසු මධ්‍යය වෙත අදහස් දක්වමිනි .
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මතුව ඇති ජාතික ලැයිස්තු අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමඟ මෙම සාකච්ඡාව පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සමඟ සන්ධානගත වී මැතිවරණයට තරග කළ බැවින් ඒ අනුව ලැබී ඇති මන්ත්‍රි සංඛ්‍යා වෙන් එකක් තම පක්ෂයට ලැබිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය ද එක්ව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි කලේට තවත් ගොම තලියක් වැටෙන්න හදන්නේ...
ආ...! සිරිපාල කාලෙකට පස්සේ. දැන් කොහොමද?
එහෙට මෙහෙට හේත්තු වෙවී සදහටම බලයේ ඉන්න හදපු, බල තණ්හාවෙන් පිස්සු වැටිච්චි කෙනෙක් කියන කතා...!
මේ වගේ හොර තක්කඩියෙකුට පාර්ලිමේන්තු යන්න ඔය ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය දෙන්න එපා. කරුණාකර කාංචන වගේ විපක්ෂයට හයියක් වෙන්න පුළුවන් තරුණයෙක්ට ඒ ආසනය දීලා අවම සදාචාරයවත් පෙන්නන්න. මේ වගේ එක්ස්පයර් වුණු සෙට් එකක් නැවත කොහොමටත් එපා...!
කොහොමත් අර චාමර වගේ කෙනෙක් යවපු වෙලාවේ බදුල්ලේ මිනිස්සුන්ට තිබුණා මේ මනුස්සයා යවන්න. අපිත් මාලිමාවට ඡන්දය දුන්නත් මේ මනුස්සයා තමයි බදුල්ල මහ රෝහල ඔය තැනට ගෙනාවේ. මහරගම යන්නේ නැතිව පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන්න පිළිකා ඒකකයක් දන්ත වෛද්‍ය ඒකකයක් බදුල්ලට ලබාදීම ලොකු පිනක්...
රට විනාශ කරපු තවත් කෙනෙක්. ගාල්ල මාතෘ රෝහලට ලැබුණු සල්ලි වලට වෙච්චි දෙයක් අදටත් දන්නේ නැහැ. ආයේ මොන බම්බුවකටද එන්නේ?ගෙදරම නවතින්න...
දෙයියන්ගේ හාල් කාපු එවුන් එමටයි
සුගත් දිසානායකට අමතකද කොමිස් ගහපුවා? මතකද ජපන් ව්‍යාපෘති ඔක්කොම නැවතුණා? මම හිතන්නේ මෙයා වගේම ඔයාගේත් මස්තිෂ්ක හරියට වැඩ කරන්නේ නෑ වගේ, හැබැයි වාසියට, වංචාවට නම් මොළය වැඩ කරනවා, අනිත් වෙලාවට නිදියි. මෙයාලාගේ මොළයට අනතුරක් වුණා නම් ඇයි වාසි වෙලාවට ඇහැරිලා ඉන්නේ? කොමිස් ගහන්නේ?
ඔව් අනිවාර්යයෙන්ම දෙන්න ඕනෑ. කිසිම ලජ්ජාවක් හිරිකිතයක් නැතිව. ඇයි දුන්නේ නැති නම් මොනවා කරන්නද..? කොහොම හරි යවන්න ඕනෑ. පසුගිය කාලය පුරාවට රටට දැයට මොනතරම් සේවාවක් කළ උතුමෙක්ද? අනිවාර්යයෙන්ම ඔය කරලා ඉතිරි වූ කොටස ඉවරකරන්න ඔය දඟලන්නේ...
මේ කඩෆ්ෆුලියා මහනුවර මහ රෝහලේ හෙදියක් සමග නිර්වස්ත්‍රව ඉදලා අහුවෙලා ගුටි කන්න ගියා. ඔන්න කෙරුවාව!
මේ හිටපුතුමාට බනින්න එපා. එතුමා නිදාගන්න තැනක් හොයනවා :)
ආ පැටියෝ, දැන් කොහොමද
බෝනස් මන්ත්‍රී වෙන්න ඕනෑ වෙලා. දුවලා පැනලා වැඩ කරන්න බැරි වයසක ඉන්න හින්දා ඉඳගෙන වැඩ කරන්න පුළුවන් කියලා හිතිලා වෙන්ඩැති. නිවාස ඇමැති කාලේ සිමෙන්ති මුට්ට ගණන් ගිහිල්ලාලු.. ප්‍රවාහන ඇමැතියා කාලේ ඡන්ද රැස්වීම් වලට පිනට ලන්ගම බස්වලින් සෙනඟ ඇදලා කෝට් කෝටි ගණන් පාඩු කෙරුවා.