
(අංජුල මහික වීරරත්න)
මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග මනාප ලැයිස්තුවේ මනාප ඡන්ද 45151ක් ලබා සිව්වෙනි ස්ථානයට පත් තමා පාර්ලිමේන්තුවට තේරී පත් නොවූවද තමා ලබාගත් මනාප ප්‍රමාණය පිළිබඳ සලකා බැලූ කළ සතුටට පත්විය හැකි යැයි ඉඳුනිල් මහතා සඳහන් කරයි.
තමා ලබා සිටින මනාප සංඛ්‍යාව සහ දැනට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා දීමට යෝජනා වී ඇති අනෙක් අය ලබා ඇති මනාප සංඛ්‍යාව සැලකිල්ලට ගන්නැයිද තුෂාර ඉඳුනිල් මහතා ඉල්ලා සිටී.
එමෙන්ම ඉදිරි පළාත් සභා මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීම සඳහා තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිඛිත පොරොන්දුවක් මෙන්ම ඕනෑම කොන්දේසියකට එකඟ වන බවද තුෂාර ඉඳුනිල් මහතා විපක්ෂ නායකවරයාට යැවූ ලිපියේ සඳහන් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යවන්නම ඕන කෙනෙක් සජිත්ට හොඳ මේ වගේම රජ බඩු තමයි. තමන්ලා සෙට් එක මැතිවරණයේ දී ජාතික ජනබලවේගයට අවලාද නොකියා කළ දේ සහ කළ යුතු දේ කීවා නම් ඔයිට වඩා ගන්න තිබුණා.
කට තිබුනට මදි මොළෙත් තියෙන්න ඕන යාළුවා . ඔහෙලා වගේ අයට රනිල්ගෙන් වගේම අනුරගෙනුත් ඉවසීම පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා .
පළාත් සභාවට යවනවා නම් දැන් මන්ත්‍රීකම මොකටද? සජිත් කවුරුහරි පත්කරයි ... ලකීගෙන් අහලා...
සජි බබා සහ හොරු 40 ට තවමත් ඉල්ලුම්පත් භාරගැනේ... අලි මන්තර කීම අහන ප්‍රශ්නවලට යන්නේ කොහේද මල්ලෙ පොල් උත්තර දීම සුදුසුකම්වේ ..
ඔබතුමා පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ කෙනෙක්..!
මේ අවුරුදු 5 ම කුලල් කා ගනිල්ලා, අනේ සජිත්ටම හරියන සෙට් එක...!
ජාතික ලැයිස්තුවෙන් 4 දෙනෙක් තෝර ගන්න බැරිව දඟලනවා. නම් ටික කොළ කෑළිවල ලියලා තුන්ඩු ඇදලා 4 දෙනෙක් තෝරා ගත්තා නම් මොකද වෙන්නේ...?
ජාතික ලැයිස්තුවක් කියලා එකක් දැම්මේ ඇයි කියලාවත් දන්නේ නැති උන්දැලා..!