
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙසුමක් පැවැත්වීම සඳහා සහභාගී විය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූවාය.
හිටපු ජනාධිපතිවරයාද උසස් අධ්‍යාපන ආයතනයේ නිලධාරීහුද ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයට සහභාගි වී සිටි අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාට ඉන්දියාවේම නවතින්න ක්‍රමයක් හදලා දුන්නොත් ලොකු පිනක්. මෙහේ ආපුවාම දැන් වැඩ වෙන විදියට කූරු ගැනලා ගණන් හදන්න වෙයි. පව් එහෙම වුණොත්. ගණන් අමාරු විෂයක්නේ.
රටක් විනාශ කරලා හොරුන් බේරන්නේ කොහොම කියලාද? අනේ යන්න.. මෙයා ගිහිං තියනේනේ අර සිරසේ කිව්ව අපේ රටේ මුහුදු සීමාවට අයත් අමුද්‍රව්‍ය නිධිය හොරෙන් ඔවුන්ට දෙන්නද දන්නෑ...
මෙහේ මිනිස්සු දැන් එයාගේ දෙසනා අහන්නෙ නැති නිසා එහේ ගිහින් දේසනා කරනව ඇති. එහේ මිනිස්සුන්ටත් වැඩිකල් යන්න කලින් තේරෙයි මෙයා කටින් බතල කොල හිටවන පොරක් කියලා.
අපේ රටේ මා බයියන්ට ඔබතුමාගේ අගය නොතේරුණාට, උපාධිදාරීන් වැඩිම පිරිසක් සිටින ඉන්දියාවට ඔබතුමාගේ අගය වැටහෙනවා... Respect..
ලංකාවේ ඉන්නකල්, දෙකෝටි විසිලක්ෂයකට දෙසුවා, ලක්ෂ පහක් අහුම්කන්දුන්නා. ප්‍රතිශතය 2% කට පොඩ්ඩක් වැඩියි. එහෙත් එහෙමද?
මෙයාගේ දෙසුම්නිසා අර මහාචාර්යවරියත් නිකං කිචවෙනවා.
සාගල පේන්න නැහැනේ ෆොටෝ එකේ...!
මෙයාගේ දෙසිලි, මෙයාගේ රටේ මිනිස්සුවත් පිළිගන්නේ නැති බව ඉන්දියාවේ මිනිස්සු දන්නේ නැද්ද?
රනිල් මහත්තයා රටින් පැනලා ගියා කියලා නේ මේ රටේ සමාජ මාධ්‍යකාරයෝ කෑ මොර දුන්නේ .
තමන් ගේ රට ගැන හැගීමක් නැහැ. නොරටුන් සමග හෝ එක්වී රටේ අනාගතය විනාශ කිරීමට තමයි කැස කවන්නෙ. එයා ඉන්න කාලෙ මෝ දි සමග අත්සන් කරපු ගිවිසුම් ගැන ඉන්දියාවෙදි කියවන්නෙ ඇයි. ඒවා ගැන ඒ කාලෙදි රටේ ජනතාව දැනුවත් කලේ නැහැ.
ලෝකෙට පරකාසේ ගෙදරට මරකාසේ ලැබුණු ප්‍රසාද මංත්‍රි ආසන දෙක බෙදාගන්ට පක්ෂේ වුන් කුලල් කා ගන්නවා ලොක්කා ලෝකෙට බණ කියනවා.
තුන් වේලම බඩ ගින්නෙ ඉන්දුවත් කමන් නැහැ.රනිල් කරපුවට නිසි දඩුවම් දිය යුතුයි.බටලන්ද කොමිසන් වාර්තාව කියවන්න. මේවා වසරක් ඇතුළත ක්‍රියාත්මක කරන්න. නැත්නම් මාලිමාවෙන් වැඩක් නැහැ. පේමදාසල,මහින්දල,රනිල්ල,චන්දිකාලා ඔක්කොම එකම පැලැන්තියේ අය.උන්න ඕන උන්ගෙ පැලැන්තිය ආරක්ෂා කරන්න.හරියට නඩු අහන්න. නීත්‍යානුකූලව සියලු කටයුතු කරන්න. ආණ්ඩුවේ හයිය පෙන්වන්න යන්න එපා. ජාත්‍යන්තරය මොනව කිව්වත් අවුරැදු ගණනාවක් මේ රටේ ජනතාවට කරපුවට මේ අයට අවශ්‍ය පරිදි දඩුවම් දිය යුතුමයි.වැරදි කරපු හැම එකාම පසුවට බලපාන නීති මගින් හෝ දඩුවමට ලක්කල යුතුයි.අපි මේ ආණ්ඩුව ගෙනාවෙ නිකං කන්න බොන්න නොවෙයි. යහපත් සමාජයක් වෙනුවෙන්.එහෙම නම් මේ සමාජය අයහපත් ත්ත්වයට පත්කල එවුන්ට නිසි දඩුවම් දිය යුතුමයි.
අපේ රටේ කරුමෙට උපන් මේ වගේ අයගෙන් ඉන්දියාවට ගන්න තියෙන දෙසුම මොකක්ද ?
මේ උත්තමයා කාලෙකින් ලෝකයට පහළවන කෙනෙක්.