IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම

(විමුක්ති එස් රුද්‍රිගු)

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.

සැමියා වසර දෙකක කාලයක් තවත් කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වා ඇති අතර එය හෙළිවීමෙන් පසුව දඬුවමක් ලෙස බිරිඳ "මම වසර දෙකක් අනියම් සබඳතාවක් පැවැත්වුවා.

මගෙන් අහන්න ඒ කොහොමද කියලා" ලෙස සටහන් කළ විශාල පුවරුවක් සැමියාගේ බෙල්ලේ එල්ලා නිව්යෝක් නුවර වෝල්ට් වයිට්මෑන් වෙළඳ සංකීර්ණයේ ප්‍රසිද්ධියේ ඇවිද්දවා ඇත. ඇවිදින විට බිරිඳ ඔහු ඉස්සරහින් මේ මිනිහා වසර දෙකක් අනියම් සබඳතාවයක් පවත්වලා යැයි කෑගසමින් ගමන් කර තිබිණි.

එම කාන්තාවට අනියම් සබඳතාව පැවැත්වූ පිරිමි පුද්ගලයට දාව එක් දරුවකු සිටින බවත් දෙවැනි දරුවා බඩ දරාගෙන සිට ඇති බවත් පැවැසෙයි. කුඩා දරුවාද සමග ඇය සුපිරි වෙළඳසැලට පැමිණ ඇති අතර මේ වනවිට මෙම වීඩියෝව මිලියන 5 කට අධික පිරිසක් නරඹා තිබිණි. එහිදී ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් දඬුවම සම්බන්ධයෙන් විවේචන එල්ල කර ඇති අතර අනියම් සබඳතාව පැවැත්වූ පුද්ගලයා අත් නොහැර මෙවැනි දඬුවමක් ලබාදී ඇත්තේ කුමන හේතුවක් නිසාවෙන්දැයි ප්‍රශ්න කර ඇත.

 



අදහස් (4)

වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම

Hasith Wednesday, 27 November 2024 03:48 PM

මේවා වීව්ස් ගන්න කරන වැඩ. මිලියන ගණනක් බලපුවාම එයාට මිලියන ගාණක් සල්ලි හම්බවෙනවා. ඉතින් ආත්ම ගරුත්වය කියලා දෙයක් ගැන හිතන්නේ නෑ. ලංකාවෙත් වෙන්නේ ඕකනේ.

:       3       62

බකල ජයා Wednesday, 27 November 2024 04:05 PM

වැඩිහිටි ප්‍රශ්නයකට ළමා විසඳුමක්! නමුත් ඒ කාන්තාවට කිසිම අයිතියක් නෑ අර ප්‍රෑම් එකේ ඉන්න බබා එයාගේ දරුවා වුණත් ඔතැන තියාගෙන ඉන්න.

:       0       27

අන්දරේ Wednesday, 27 November 2024 04:39 PM

මං ඉන්නේත් නිව්යෝර්ක් වල නෙමෙයි. ඒ කොහොමද කියලා අහගන්න දුරකථන අංකය එල්ලලා තියෙන බෝඩ් එකේ නැහැනේ...

:       1       17

Nihal Thursday, 28 November 2024 01:20 AM

මේවා කලින් කතා කරගෙන කරන දේවල්. අර ගෝල්ඩ් ඩිගර් වගේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site