
(ටී.කේ.ජී.කපිල )
එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගත් කාර්යාල කාර්යය සහායිකාවකගේ අත් බෑගය සොරා ගත් ගණකාධිකාරීවරයෙකු , කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ .
සිරි ශ්‍යාමලී වීරසිංහ එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි දැනට එංගලන්තයේ පදිංචි , ශ්‍රී ලංකාවේ පන්නිපිටිය ප්‍රදේශයේ ද පදිංචි 55 හැවිරිදි , එරට කාර්යාල කාර්යය සහායකවරියක ලෙස සේවය කරන්නියකි .
ඇය ඊයේ(26) එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇයගේ අත් බෑගය තුළ රුපියල් දහ හතර ලක්ෂ විසි තුන් දහස් පන්සීයයක් වටිනා ස්ටර්ලින් පවුම් 2,700 ක් , අලුත් අයි වර්ගයේ ජංගම දුරකථන 02 ක් සහ සැම්සුන් වර්ගයේ ජංගම දුරකථන 02 ක් තිබී ඇත .
මෙම ගුවන් යානය ගුවන් ගත වී මද වේලාවකින් පසුව , මෙම අත් බෑගය නැති වී ඇති අතර , ඒ පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් යානා කාර්යය මණ්ඩලය වෙත , මෙම කාන්තාව පැමිණිළි කිරීමට පියවර ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ මාරුවුණාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැයි කියන්නේ මෙන්න මේවාට තමයි.
හිතාගන්නත් අමාරු දේවල්, එකහා සමාන බෑග නිසා මාරුවීමක් වුණා වෙන්න ඇති...!
කාර්යාල කාර්‍ය සහායිකාවගේ සියලු විස්තර සටහන්ව තිබුණත් ගණකාධිකාරී ගේ නමවත් වැඩ කරන තැන ගැනවත් කිසිදු විස්තරයක් නෑනේ. අපිට ඕන එයාගෙන් පරෙස්සන් වෙන්න..
පුදුම හොරෙක්නේ... බෑග් එක නැති වුණාම ඕක කොහොමත් පැසෙන්ජර්ස්ලාගෙන් චෙක් කරන බව නොදැනද හොරකම් කළේ? ලෑන්ඩ් කළ ගමන් කළින් මාරු වෙන්න හිතාගෙන ඉන්න ඇති...