IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි

(නිමල් ජයරත්න)

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු 26 වෙනිදා සවස 4.00 වන විට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට පියවර ගත් බව පොළොන්නරුව කළමනාකරණ කාර්යාලය සඳහන් කරයි.

ඒ සඳහා විකල්ප මාර්ග ලෙස මනම්පිටිය හරහා දෙහිඅත්තකණ්ඩිය බකමූණ මාර්ගය භාවිතා කල හැකි බව පොළොන්නරුව ආපදා කළමනාකරන කාර්යාලය මහජනතාවට දැනුම් දීමක් කරයි.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ එහි දොරටු දහයම අඩි එක බැගින් විවෘත කිරීමට,පියවර ගත් බවත්, ඉන් තත්පරයට ගණ අඩි දාහක ජලධාරිතාවයක් මහවැලි ගඟට මුදා හැරෙන බව පොළොන්නරුව වාරි ඉංජිනේරු අංජන අබේසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

එම දොරටු දහය අද (26) රාත්‍රිය වනවිට  අඩි තුන බැගින් විවෘත කිරීමට පියවර ගන්නා බවද අබේසිංහ මහතා කීවේය.



අදහස් (0)

පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site