
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මේ අනුව එම විවාදය ලබන මස 3 සහ 4 දිනවල පැවැත්වීමට නියමිතය.
මෙයට අමතරව අතුරු සම්මත ගිණුම පිළිබඳ යෝජනාව ලබන මස 5 සහ 6 දිනවල විවාදයට ගැනීමටද එහිදී තීරණය කර ඇත.
අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් ඡන්ද විමසීමකට යෑමට බලාපොරොත්තු වන බව පක්ෂ නායකයන් එහිදී සඳහන් කර ඇත.
අතුරු සම්මත ගිණුමෙන් ලබන වසරේ අප්‍රේල් 30 දක්වා රජයේ කටයුතු පවත්වාගෙන යෑමට මුදල් වෙන් කෙරෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ඵලක් නැති වැඩවලට යන කාලය අපරාදේ...
නැති ප්‍රතිපත්තියක් ගැන මොන විවාදද ? අපරාදේ මහජනතාවගේ මුදල්. බුෆේ කන්න කස්ටිය එකතු වේවි..