IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති

(අංජුල මහික වීරරත්න)

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිටත්ව යති.

මේ පිරිසේ කරුණියක ද සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.මෙම කණ්ඩායම දකුණු කොරියාවේ රැකියා හිමිවූ 889 වන කණ්ඩායමයි.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 11ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 5421 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ නිශ්පාදන, ධීවර හා ඉදිකිරීම් යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා හිමි වී තිබේ.



අදහස් (2)

E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති

sam Wednesday, 27 November 2024 03:34 AM

බොහොම සතුටුයි .හරි මාර්ගයේ යන්න .අර හොර අමුනුෂ ගේ හොර පාරෙන් ගිහින් අමාරුවේ වැටෙන්න එපා

:       0       2

කුසුම් දල්පදාදු Wednesday, 27 November 2024 09:05 AM

දේශපාලකයින්ගෙන් පලිගත්තට කමක් නැහැ කරපු වැරදිවලට. ඒත් මේ අහිංසක විදේශ ශ්‍රමිකයින්ගෙන් පලිගැනීම කුහක කාලකන්නින්ගේ වැඩක් .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site