
(අංජුල මහික වීරරත්න)
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී.අපෝන්සු මහතා සමඟ ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.
රජයේ විධිමත් මූල්‍ය කළමනාකරණය නිසා විදේශ ආයෝජනයන්හි වැඩි උනන්දුවක් දක්නට ලැබෙන බවද ආසියා සංවර්ධන බැංකු නිලධාරීන් සඳහන් කර ඇත.
ඒ අනුව බලශක්ති, නවීන කෘෂිකර්මාන්ත හා කාලගුණ විපර්යාස ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණු බව ජනාධිපති කාර්යාලය පවසයි.
සෘජු ආයෝජන අවස්ථා සහ රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ආයෝජන අවස්ථාවන් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ආසියානු සංවර්ධන බැංකුවේ කලාපීය ප්‍රධානී ටකියෝ කොයිකේ ( Takeo Koike), ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ තකෆුමි කඩෝනෝ (Takafumi Kadono) , ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ සන්තෝෂ් පොකරෙල් ( Santhosh Pokharel), මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර, මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ උදේනි උඩුගහපත්තුව යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට හිතකර ජාත්‍යන්තර සම්බන්ධතා ගැන රනිල් රාජපක්ෂ අනුරගෙන් ඉගෙන ගන්න
මේ මොනවත් රජයේ ධනාත්මක හැසිරීම අදාළ නැහැ, කෝ අයි එම් එෆ් ගිවිසුම ඉරා දානවාද? සහන දෙනවාද? අන්න ලක්ෂ දෙසිය විස්සක් අසහනේලු...!