
(අංජුල මහික වීරරත්න)
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
විදේශ විනිමය සීමාවන්ට යටත්ව එම අවසරය ලබා දෙන බවද අමාත්‍යවරයා කීය.
ප්‍රමුඛතා මත සලකා බලා වාහන ගෙන්වීම සඳහා ක්‍රම ක්‍රමයෙන් අවසර ලබාදෙන බව කී අමාත්‍යවරයා ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙලට හානියක් නොවන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව සඳහන් කළේය.
මේ වන විට රටේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.4ක් මට්ටමකට පැමිණ තිබෙන බව කී අමාත්‍යවරයා ඒ නිසා එකවර මෙම වැඩපිළිවෙළ අතහැර ස්ථාවරභාවය කඩා බිඳ දමන්නට නොහැකි යැයි කීය. ක්‍රමිකව අවශ්‍ය පරිදි වෙළෙඳපොළ යාන්ත්‍රණයට ක්‍රියාත්මක වෙන්න ඉඩහරින බවද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මින් ඉදිරියට, බර වාහන හැර, ගෙන්වන්නේ විදුලි වාහන පමණක් කියලා ප්‍රගතිශීලි තීන්දුවක් ගන්න පුළුවන්ද? අවශ්‍ය යටිතල ව්‍යුහය කෙටි කලකින් ජනතාව අතරින්ම සකස් වෙයි. හැබැයි පරණ ජපන් ඉන්දියන් වාහන සේල් මාෆියාවට යට උනොත් නම් ඉස්සර විදියටත් වඩා අන්ත වෙයි.
සැප්තැම්බර් 21 ට කලිනුත් කිව්වෙ ඕකම තමයි