
(මහින්ද නිශ්ශංක)
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල තැපැල් දුම්රිය රාත්‍රී 8.30 ට පිටත් වීමට නියමිතය.
දැනට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා සීමා කර ඇති බවත් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනයට ඇති වී තිබෙන බාධා නිසා අද බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වීමට නියමිත තිබූ උඩරට මැණිකේ, පොඩි මැණිකේ ඇතුළු දුම්රිය තුනක් තවමත් බදුල්ල දුම්රිය ස්ථානයේ නතර කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd