IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි

(මහින්ද නිශ්ශංක)

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල තැපැල් දුම්රිය රාත්‍රී 8.30 ට පිටත් වීමට නියමිතය.

දැනට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා සීමා කර ඇති බවත් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනයට ඇති වී තිබෙන බාධා නිසා අද බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වීමට නියමිත තිබූ උඩරට මැණිකේ, පොඩි මැණිකේ ඇතුළු දුම්රිය තුනක් තවමත් බදුල්ල දුම්රිය ස්ථානයේ නතර කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.



අදහස් (0)

කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site