IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්

 

(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ වසන්ත චන්ද්‍රපාල)

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යාම නිසා ට්‍රැක්ටරයේ ගමන්ගත් සිසුන් 05 දෙනකු සමග ට්‍රැක්ටරයේ රියදුරු සහ සහයකයකු අතුරුදහන්වි ඇතිබව කාර්තිව් පොලිසිය පවසයි.

සමන්තුරේ අයි.එම්. නස්රිෆ්, එෆ්.එම්. නසීන්, එම්.ඒ.එම්. අෆ්කාන්, එෆ්.එම්. සහරාන්, එම්.ජේ.එම්. සදීර්, ඒ.එම්. යසීන් යන පිරිස අතුරුදන් අතර සිටින බව පොලිසිය කියයි.

පාසල් නිවාඩු ලබාදුන් බැවින් මෙම සිසුන් ට්‍රැක්ටර් ට්‍රේලරයේ නැගී නිවෙස් වෙත ගමන්කර ඇති බවත්, ට්‍රැක්ටරය කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ මීටර් 500 ක් පමණ ගමන් කරන අවස්ථාවේ ප.ව. 4.15 -5.00 ත් අතර කාලයේ දී, මාර්ගය හරහා ගලාබසිමින් තිබූ අඩි තුනහමාරක් - හතරක් පමණ වන ජල පහරට හසුවී ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම සිසුන් අවුරුදු 12 – 16 වයස් සීමාවන්හි අයවලුන් බවත්, පොලිසිය සදහන් කරයි.

ට්‍රැක්ටරයේ ගමන්ගත් සිසුන් දෙදෙනකුගේ දිවි බේරී ඇති අතර, ඉතිරි පිරිස සොයා පොලිසිය, නාවික හමුදා සහ යුධහමුදා නිලධාරින් මෙහෙයුමක් ආරම්භකර ඇත.

ඉකුත් දින කීපයේ පැවැති අධික වර්ෂාවත සමග එම ප්‍රදේශය ගංවතුරට යටවූ අතර මාවඩිපල්ලි පාලම අසල වෙල මැදින් ගලා ගිය සැප පහට අසුව එම ටැක්ටරය ගසාගෙන ගොස් ඇතැයි ද පොලිසිය කියයි.

 



අදහස් (2)

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්

කමල් Tuesday, 26 November 2024 10:09 PM

නොතේරුම් වයසේ ඉන්න ළමයිත් එකතු කරගෙන අවදානම් වැඩ කරන්න යන්න එපා.. අම්මලා තාත්තලාට තමන්ගේ ළමයින්ට වඩා දෙයක් නෑ...!

:       0       10

nimal Wednesday, 27 November 2024 02:35 PM

ඔවුන් විශ්වාස කරන පරිදි දෙවියන්ගේ පැතුම

:       5       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site