IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති

(නිමල් ජයරත්න)

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා ගැනීමට වැලිකන්ද පොලිසිය, සිංහපුර යුද හමුදාව, වැලිකන්ද ආපදා කළමනාකරන සහන සේවා අංශය, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී කණ්ඩායමක් මෙන්ම සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීහු පිරිසක් කටයුතු කළහ.

වැලිකන්ද මැණික්දෙනිය, රුවන්පිටිය යන ප්‍රදේශවල පදිංචි මෙම ගොවින් (25) වැනිදා රාත්‍රියේ තමන්ගේ විී වගාව වන අලින්හෙන් සහ වන සතුන්ගේ රැක ගැනීමට පැල්වලට ගොස් සිටියදි මාදුරුඔය පිටාර ගැලීමත් සමඟ ඔවුන් ගංවතුරට කොටුවී සිටි ඇති බව පොළොන්නරුව ආපදා සහන සේවා නිලධාරී පාලිත උපුල් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ උපදෙස් මත, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් හයිරුන් නිශා මහත්මියගේ, මැදිහත්වීමෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා, වැලිකන්ද ආපදා සහන සේවා නිලධාරී එම් ජී ජයම්පති බණ්ඩාර, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී කණ්ඩායමක්, සිවිල් ආරක්ෂක බලකායේ පිරිසක්, සිංහපුර යුධ හමුදා කඳවුරේ නිලධාරින් එක්ව ඔවුන් බේරගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළහ.



අදහස් (0)

ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site