(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා , මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත අද (26) දින රාත්‍රී හරවා යැවූ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
ඉන්දියාවේ චෙන්නායි සහ මාළදිවයින මාළේ නුවර සිට පැමිණි ගුවන් යානා මෙන්ම අබුඩාබි සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.
මීට අමතරව ජපානයේ නරීටා , ඩුබායි සහ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා 03 ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වාර කීපයක්ම කටුනායක ගුවන් තොටුපොළ වෙතට පැමිණි ගුවන්යානා හරවා යැවීම්කලේ අධික වැසි සහිත කාළගුණ තත්වය නිසාමය එහෙම තියෙද්දිත් සංවර්ධනය කරන්නෙම කටුනායක ගුවන් තොටුපොළම තමයි ඒ නිසා අධික වශයෙන් අලාභයක් ලබන මත්තල ගුවන් තොටුපළ රජයට පවරාගෙන (දැනට ජනතා මුදලුන් ඉදිකොට ඇතත් නමින් පුද්ගලික එකකි) සංවර්ධනය කලොත් නරකද?
කටුනායක ගලන විට මත්තල හොඳයි. කටුනායකට පායන විට මත්තල හොඳ නැහැ