
(යොහාන් භාසුර)
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.
නිෂ්පාදිත දිනය හා ඊට අදාළ තොරතුරු වෙනස් කර ආනයනික සහල් තොඟයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබෙන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කළ බවත් ඉන්දියාවේ නිෂ්පාදිත කිලෝග්‍රෑම් 25 ඇසුරුම්වල අසුරා ඇති එම සහල් ඇසුරුම්වල නිෂ්පාදකයා සඳහන් කර තිබූ නිෂ්පාදිත දිනය 2022 ජනවාරි ලෙස සටහන්ව ඇති අතර නිෂ්පාදිත දිනයේ සිට වසරක් තුළ භාවිතා කිරීම කළයුතු යැයි සඳහන්ව ඇති බවත් සභාපතිවරයා කීය.
එම සහල් ආනයනය කළ ව්‍යාපාරිකයා එම අසුරනවල නිෂ්පාදිත දිනය වෙනස් කරමින් 2024 ජූනි ලෙස ඉදිරි දිනයක් යොදා වෙනත් ලේබලයක් සහිතව එම සහල් වෙළඳපලට නිකුත් කිරීමට කටයුතු කරමින් සිටි බව කී සමරකෝන් මහතා එම සහල් අසුරන වල මුද්‍රිතව තිබූ මිල ගණන් සහ බර ප්‍රමාණයන් ද ලේබල මගින් වෙනස් කර කොළඔ 14 ප්‍රදේශයේ ගබඩාවක් තුල රහසිගතව තබා ගනිමින් ඉදිරි උත්සව සමය තුළදී වෙළෙඳපළට බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය.
මෙම වැටලීමේදී නිෂ්පාදිත දිනය වෙනස්කල සහල් සහිත කිලෝග්‍රෑම් 25 ඇසුරුම් 717ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන චූදිතයන්ට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහල් මෝලෙන් ඇලවූ නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වන දිනය හා මිල සඳහන්ව ඇති ලේබල් ගලවා වෙළෙඳසැල් වල සහල් ගබඩාකර තියෙනවා කියලා මිලට ගැනීමේදී පේනවා වරදකට තියෙන්නේ පාරිභෝගික අධිකාරියේ අයගේ ඇස් නොපෙනීම තමයි...
ලේබලයකින් නොව තත්ව පරීක්ෂණයකින් පසු තීරණ ගැනීම වඩා යෝග්‍ය වේ. කෝ අර වැඩ බාරගත් බුද්ධිමතුන්? කාර් පෝලිමේද? ගෙවල් පෝලිමේද?