(අමිල චින්තක ගමගේ)
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නීතිඥ නුවන් බෝපගේ මහතා සඳහන් කරන්නේ තමන්ගේ මියගිය අය සමරණ අයිතිය උතුර දකුණ බේදයකින් තොරව සැමටම ලැබිය යුතු බවයි.
යම් යම් කොන්දේසි සහිතව උතුරේ මියගිය අය සැමරීමට ඉඩ දෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් දකුණෙත් එවැනි සැමරුම් කිරීමට ඉඩ දෙන්නේ කොන්දේසි දමා දැයි ප්‍රශ්න කරන බව ජන අරගල සන්ධානය විමසා සිටි.
දෙමළ ජනතාව මියගිය අය සමරන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නොවන බවත් එවැනි තත්ත්වයක් තුළ දෙමළ ජනතාවට පමණක් කොන්දේසි දමමින් ඔවුන් හිර කිරීම අසාධාරණ බවද ජන අරගල සන්ධානය සඳහන් කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම කොන්දේසියක් නැතුව මේගොල්ලන්ව ජනතාව ඡන්දෙදි සැමරුවා...
මම හිතන විදිහට මැරුණු කෙනෙකු මතක් කොට දානයක් දීම හෝ වෙනත් පුණ්‍ය ක්‍රියාවක් කළාට කවුරුවත් විරුද්ධ වෙන එකක් නැහැ. මේ කොටි කොඩි අරන්, හමුදාවට අපහාස කරමින් පෙළපාලි යන එක හෝ අයුතු ජනරාශි කරමින් රටේ අවුල් වියවුල් කරන එක අනුමත කරන්න බැහැ. ප්‍රභාකරන් කියන පුද්ගලයා සහ ඔහුගේ සංවිධානය මහත්මා ගාන්ධිට හෝ අනගාරික ධර්මපාලතුමාට හෝ ඔවුන්ගේ අවිහිංසාවාදී ව්‍යාපාර වලට සම කරන්න බැරි බව කවුරුත් තේරුම් ගන්න ඕනේ. කවුරු මොනවා කීවත් සාධාරණ හේතුවක් නැතුව රටේ ආරක්ෂක නිලධාරීන්ට පරිභව කරන පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ...
නොවැම්බර් කියන්නේ මළවුන් සමරන කාලයයි. කිතුණුවෝ ඒ වෙනුවෙන් බොහෝ දේ කරනවා. උතුරේ ජනතාවටද ඉඩක් දිය යුතුයි.
එහෙනම් කොටි කොඩිය වන වන සමරන්නේ ඇයි? දකුණේ මිනිස්සු මළවුන් සමරන්නේ සුදු ඇඳලා. උතුරේ අයට කහපාට, රතු පාට අවශ්‍ය ඇයි මළවුන් සමරන්න...?
දවල්ද?
දුක සමරන්න ද? යුද්ධයෙන් මියගිය අය ගැන දුක්වෙන්න ඕන.. සමරන්නේ සතුට.. සතුටු කාරණය යුද්ධය ඉවර වුණ එක.. නමුත් යුද්ධයම දුකක් වුණු එක ඒකෙ සමරන්න දෙයක් නැ. තම තමන් දුක්වෙලා ගෙවල් වල කරන දෙයක් කරා නම් ඇති..
එකඟයි,සිංහල ජනතාවට අයිතියක් තියෙනවා නම් ඉල්මහ සැමරුමක් ගන්න දෙමළ ජනතාවටත් ඒ අයිතිය තිබිය යුතුමයි.හාමුදුරුවරුන්ගේ මූලිකත්වයෙන් මෙතෙක් ගෙන ගිය සිංහල දෙමළ ජාතිවාදී වෛයිරය නවතා සුහදත්වය ඇතිකිරීමට අලුත් රජය අලුත් පියවරක් ගතයුතුයි.
ඒ සරේ මූ මොකාටද එන්න අදන්නේ.
එල්ටිටිඊ සංවිධානය කියන්නේ ලංකාවේ පමණක් නෙමයි තවත් රටවලත් තහනම් සංවිධානයක්.
ඒ මිනිස්සු ඉල්ලන්නෙ කොටි සමරන්න නෙමෙයි. තමුන්ගෙ මැරිච්ච මිනිස්සු සමරන්න. හැදි ගෑවිලා ඉන්නෙ විපක්සෙ. බොරු බිල්ලො මවන් නැතුව හිටියා නන් මේ වගේ දේවල් ලොකු නිව්ස් වෙන් නෑ