
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පැවසීය.
ඒ අනුව හෙට (27) , 28 සහ 29 යන තෙදින විභාගය නොපැවැත්වෙන අතර එම දින තුනට අදාල විභාග දෙසැම්බර් මස 21,22,23 යන දින තුනෙහි පැවැත්වීමට තීරණය කර ඇතැයිද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.
විභාග දෙපාර්තමේන්තුවේදී අද (26) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා ඒ බව පැවසීය.
එමෙන්ම තාවකාලිකව අත්හිටවු විභාගය එළැඹෙන 30 වැනිදා සුපුරුදු ලෙස යළි ඇරැඹිමටද තීරණය කර ඇතැයි කොමසාරිස්වරයා එහිදී සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd