තවත් කොරෝනා රෝගීන් 10 දෙනෙක් කොරෝනා අසාදිත පුද්ගලයින් 10 දෙනකු අද වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 31 March 2020
දිස්ත්‍රික්ක 6 ක ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මකයි කොළඹ , ගම්පහ, කලුතර, පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි දැන් ක්‍රියාත්මක වන ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මක කර තිබේ. 31 March 2020
ඇඳිරිනීති බලපත්‍ර නැත්නම් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගන්නවා තම සේවා හැදුනුම්පත ඇදිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිතා කිරීමට අවසර ලත් තැනැත්තන් හා එම වාහන වලට හැර ඇදිරිනීති බලපත්‍ර නොමැතිව මහා මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියලූම පුද්ගලයන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගෙන නීරෝධාන නීතිය යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා පවසයි. 31 March 2020
කළුබෝවිල රෝහලේ ආසාදිතයා සමඟ සිටි අයෙක්ගේ නිවසක පිරිසක් නිරෝධායනයට කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හමුවූ කොරොනා ආසාදිතයා රැඳී සිටි 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලින් පිටව ගොස් තිබූ පුද්ගලයකුට අයත් කහපොල රෙජිඩෙල්වත්ත වත්ත ප්‍රදේශයේ නිවසක් අද( 31) උදෑසන නිරෝධායන නිවසක් බවට නම් කළ බව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 31 March 2020
කොරෝනා ආසාදිතයෙක් හමුවීමෙන් කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වහයි කලුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය. 30 March 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත දෙවැනියාත් මරුට කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 30 March 2020
දිස්ත්‍රික්ක 6 කට ඇඳිරි නීතිය දිගටම කොළඹ,කළුතර,ගම්පහ, පුත්තලම,යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මක බව රජය පවසයි. 30 March 2020
කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 30 March 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන 120 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 30 March 2020
නාවික හමුදා රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව ප්‍ර.ස. මන්ත්‍රී අත්අඩංගුවට ආරච්චිකට්ටුව කරුක්කුපනයේ නාවිකහමුදා අණුුඛණ්ඩයේ රාජකාරියේ යෙදී සිටි නාවික හමුදා නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරයෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 30 March 2020
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර හතරක් හෙට වැසේ ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ සහ දියතලාව යන නගර හතරම වසා දැමීමට පියවර ගත්බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා පැවසීය. 29 March 2020
දිස්ත්‍රික්ක 6ක ඇදිරීනීතිය දිගටම කොළඹ, ගම්පහ , කළුතර ,යාපනය , පුත්තලම සහ මහනුවර යන් දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු ඇදිරිනීතිය දිගටම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. 29 March 2020
ශ්‍රී ලංකාවට ගුවන් මගීන් රැගෙන ඒමේ තහනම දීර්ඝ කරයි ශ්‍රී ලංකාවට ගුවන් මගීන් රැගෙන පැමිණෙන සියලුම මගී ගුවන් යානා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණිමට පනවා තිබූ තහනම අප්‍රේල් මස 07 වැනිදා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ . 29 March 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත සංඛ්‍යාව 115 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙි කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 29 March 2020
අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙක් මරුට කොරෝනා ආසාදනය වී කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. 28 March 2020
හොරොව්පොතානේ මුස්ලිම් පල්ලි 23 ක දොරගුළු දමයි හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති මුස්ලිම් පල්ලි 23 හි දොරගුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමු බව හොරොව්පොතාන මහ පල්ලියෙ සභාපති ඒ.එම් සියාම් මහතා (28) පැවසීය. 28 March 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 110 දක්වා ඉහළට කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අද (28) සොයාගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 28 March 2020
හමුදා කෝප්රල්වරයකු හා තවත් පුද්ගලයකු පුත්තලමෙන් කුරුණෑගලට පුත්තලම තබ්බෝව යුද හමුදා කදවුරේ සේවය කරමින් සිටි කෝප්රල්වරයකු හා ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වු අයකු කොරෝනා රෝග ලක්ෂණ මතු කිරීමත් සමග ආරක්ෂීතව පුත්තලම මුලික රෝහලින් කුරුණෑගල ශීක්ෂණ රෝහල වෙත යැවීමට කටයුතු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි . 28 March 2020
අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට අටුළුගම මාරාව කොරෝනා වයිරසය ආසාදිත යැයි තහවුරු වූ පුද්ගලයාගේ පියා සහ සහෝදරියද එම රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් මීට සුලු මොහොතකට පෙරදී 1990 සුවසැරිය ගිලන් රථයෙන් කලුතර නාගොඩ මහ රෝහල හරහා පිටත් කල බව බණ්ඩාරගම සෞබය වෛද්‍ය කාර්යාලය කියයි. 28 March 2020
අටුළුගම ගම්මානයට අගුළු දමයි නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින් කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග්‍රාමය අද (2) පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. 27 March 2020
බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා තමන්ට කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූ බවත් ස්වයං-නිරෝධායන ක්‍රියාවලියට යොමුවන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද (27) පැවැසීය. 27 March 2020
රාජ්‍ය ඔසුසැල් හැර සියලු වෙළෙඳසැල් වසා දමයි වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ඔසු සල් හැර සියලු ඖෂධ හල් හා සියලු වෙළදසැල් වසා දැමීමට නියෝග කර තිබේ. 27 March 2020
ඇමරිකාවේ රෝගීන් දෙදෙනකුට එක ස්වසන සංවාතන යන්ත්‍රයක් වෛද්‍ය සැපයුම්වල හිඟයක් ඇතිවීමේ අවදානමක් හටගැනීමත් සමඟ රෝගීන් දෙදෙනකුට එක් ස්වසන සංවාතන යන්ත්‍රයක් (වෙන්ටිලේටර්ස්) භාවිත කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර රෝහල් තීරණය කර ඇත. 27 March 2020
රත්නපුර ඇඳිරි නීතිය ලිහිල් නොකරන්නැයි ඉල්ලයි රත්නපුර දිස්ත්‍රික්කය තුල පවතින ඇදිරිනීතිය ලිහිල් නොකර ඉදිරියටම පවත්වාගෙන යන ලෙස රත්නපුර දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව රජයට යෝජනා කරයි. 27 March 2020
ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් ලෝකයේ සියලුම රටවල් අභිබවා යමින් අද(27) වනවිට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි. 27 March 2020
කොරෝනා ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 26 March 2020
‘අදත් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැහැ’ කිසිදු කොරෝනා ආසාදිතයකු අද (26) දිනයේදීද මේ වනතුරු හමු නොවූ බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. 26 March 2020
ආයෝජන මණ්ඩලයේ සියලු කම්හල් වසා දමන්න නියෝග ආයෝජන මණ්ඩලය යටතේ පවතින සියලු කම්හල් වසා දමන්නැයි කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට නියෝග කර ඇත. 26 March 2020
වයිරසය ශරීරගත වූ 500ක් නිදැල්ලේ කොරෝනා වයිරසය ශරීරගත වූ රෝගීන් සංඛ්‍යාව 101 යැයි රජයේ සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙතත් මේ වනවිට එම වයිරසය ශරීරගත වූ 500 කට ආසන්න පිරිසක් සමාජයේ ගැවසෙමින් සිටිතැයි විශ්වාස කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ලංකාදීපයට පැවැසීය. 26 March 2020
කොළඹ, කලුතර, ගම්පහ ඇදිරිනීතිය දිගටම කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ,කලුතර සහ ගම්පහ යන දිස්ත්‍රික් තුනෙහි මේ වන විට පවනා ඇති ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මක කර තිබේ. 26 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026