
(කුෂාන් ජයවර්ධන)
රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා අද (27) සවස ඉවත් කළබව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඒ අනුව සිරිමාපුර, යාය1 හි කොටසක්, යාය 2 යන ප්‍රදේශවල මෙලෙස සංචරණ සීමා ඉවත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
ඉකුත් 12 වැනිදා සිට රාජාංගනයේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පනවා තිබුණි.
අදාළ ප්‍රදේශවල නිරෝධායන කාලසීමාවන් අවසන් වීමත් සහ සංචරණ සීමා පනවා තිබූ කාලය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීමත් යනාදී කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන් එම ප්‍රදේශවලට පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කර තිබේ.
යාය 3 , 4 , 5 සහ 6 ප්‍රදේශවලට පනවා ඇති සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බවත් රෝගීන් වාර්තා නොවූහොත් ඉදිරි දින කිහිපය තුළ එම ප්‍රදේශවල ද සංචරණ සීමා ඉවත් කිරීමට හැකි වනු ඇති බවත් රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලය පවසයි.
2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ඉවත් කෙරේ