
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අංගොඩ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (අයි.ඩී.එච්) ප්‍රතිකාර ලබමින් සිට ඉන් පැනගොස් සිටියදී හඳුනාගත් ආසාදිතයා, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
එම පුද්ගලයා 41 හැවිරිදි වියේ පසුවන්නෙකි. අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි රැඳී සිටි ඔහුට එහිදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහුවුරු වීමෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනය වෙත යවා තිබිණි.
පසුගිය සිකුරාදා(24) දිනයේදී එම ආසාදිත පුද්ගලයා එම රෝහලෙන් පැන ගියේය. පසුව කොළඹ ජාතික රෝහල ආසන්නයේදී රැඳී සිටියදී එහි කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු විසින් ඔහුව හඳුනාගන්නා ලද අතර, නැවත අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට රැගෙනවිත් තිබිණි.
එම තැනැත්තා රෝහලෙන් පැන ගිය පසු සබඳතා පැවැත්වූවන් හඳුනාගැනීම සහ වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා යුද හමුදාව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
16844
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd