කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අංගොඩ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (අයි.ඩී.එච්) ප්‍රතිකාර ලබමින් සිට ඉන් පැනගොස් සිටියදී හඳුනාගත් ආසාදිතයා, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
එම පුද්ගලයා 41 හැවිරිදි වියේ පසුවන්නෙකි. අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි රැඳී සිටි ඔහුට එහිදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහුවුරු වීමෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනය වෙත යවා තිබිණි.
පසුගිය සිකුරාදා(24) දිනයේදී එම ආසාදිත පුද්ගලයා එම රෝහලෙන් පැන ගියේය. පසුව කොළඹ ජාතික රෝහල ආසන්නයේදී රැඳී සිටියදී එහි කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු විසින් ඔහුව හඳුනාගන්නා ලද අතර, නැවත අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට රැගෙනවිත් තිබිණි.
එම තැනැත්තා රෝහලෙන් පැන ගිය පසු සබඳතා පැවැත්වූවන් හඳුනාගැනීම සහ වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා යුද හමුදාව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
16844
භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා මියගිය පුද්ගල මළ සිරුරු 28ක්, මාස දෙකක් තිස්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ අභ්‍යන්තර
කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමක් වංචනිකව හොර ලේඛන සකසා විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනි දා තෙක් රිමාන
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් නව ගමනකට සමගි ජනබලවේගය මුලපුරන බව - විපක්ෂ න
මොනරාගල ප්‍රාෙද්ශිය සභාවේ සභිකයින් 20 දෙනාගෙන් සභිකයින් 11 දෙනකු ගේ බලය ජාතික ජනබලවේගය සතු කරගත්තේය.
කුලියාපිටිය නගර සභාවේ වැඩිබලය විපක්ෂයට හිමිව තිබේ. මුළු සභික ගණන 16කි. ඉන් ජාතික ජනබලවේගයට හිමිව ඇත්තේ සභිකධූර 6ක් පමණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අයිඩීඑච් රෝහලෙන් පැන ගිය ආසාදිතයා කන්දකාඩුවට