
(සිතුම් චතුරංග)
ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද(27) උදෑසන වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිස් ස්ථානයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ශාඛාවට පැමිණියේය.
පාස්කු ඉරුදින ප්‍රහාරයේ බෝම්බකරුවකුගේ කර්මාන්ත ශාලාවකට තඹ ලබාදමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂණයන්ට අදාලව ප්‍රකාශයක් ලබා දීමට නියමිතය.
මැතිවරණ කටයුතුවලට බාධා නොවන අයුරින් පරීක්ෂණ සිදුකොට ප්‍රකාශ ලබාගන්නා ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයා ලබාදුන්
නියෝග මත උදෑසන 09.00 හිටපු අමාත්‍යවරයා වවුනියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ශාඛාවවෙත පැමිණියේය.
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නීතීඥවරුන් තම සේවාදායකයා මැතිවරණයට ඉදිරිපත්වී ඇති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂණවලට පෙනී සිටිම සඳහා මැතිවරණයෙන් පසු දිනයක් ප්‍රකාශයට පත්කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වවුනියාව ශාඛාවට පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපල්ලකෝ තියන සැප. රේන්ජ් රෝවර් වල නෙවේ එල්ලුම් ගහකයි යවන්න ඕනේ...