
(එච්.චන්දන)
පුත්තලමේදී අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නියාමකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කරයි.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125 ක් සමග අද (23) අලුයම පුත්තලම නගරයේ දී පුත්තලම පොලිස් අධිකාරී කර්යාලයේ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නියාමකවරයා තවමත් පරිවාස කාලයේ ගත කරන ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කර නොමැති අයෙකු බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
තවද මෙම නිලධාරියා මීට පෙරද වැඩ තහනමකට ලක්ව සිටි අයකු බවත් , මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා සුරාබදු සහකාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු යටතේ විශේෂ කණ්ඩායම් දෙකක් ද පත්කර තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සුරාබදු නිලධාරීන් සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව තරාතිරම කුමක් වුවත් උපරීම විනාය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කෙරෙන මත්ද්‍රවය ජාවාරම වලින් 50% කරන්නේ සුරාබදු සහ පොලිස් නිලධාරීන්ගේ අනුදැනුම ඇතුව.
වැඩ තහනම් කරලා විතරක් හරියන්නේ නැහැ. නාකොටික් ප්‍රශ්නය මෙන් මේ ප්‍රශ්නය දෙසද බලා තවත් නිලධාරීන්, නෑ හිතවතුන්, ගෙවල් වල අය, ඇතුළු තවත් අය මේ හා සම්බන්ධ දැයි බුද්ධි අංශ යොදවා ඉක්මනින්ම සොයා බලන්න. නැතහොත් ඊට සම්බන්ධ අය තොරතුරු වසන් කොට සැඟවීමට වෙරදරාවී.
කවුද දන්නේ නැහැ ජොබ් එක දුන්නු සුපින්වත් දේශපාලකතුමා...